Thursday, September 26, 2013

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන….මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!


අම්මා මම ඉපදෙන්නත් කලින් ඉදල ජොබ් එකකට යනව.අම්මලගෙ Factory  එක වැහුවා.එ නිසා එයාට ගෙදර ඉන්න වුනා.එ 1998 විතර මට මතක විදියට.(අවුරුදු 29 විතර අම්ම එතන ජොබ් එක කරා)
අම්ම අපි වෙනුවෙන් කරන යුද්දෙට හෙල්ප් කරන්න මමත් මගෙ A/L කරලා ඉවරවෙලා ඊලග දවසෙ ඉදලා ජොබ් එකකට ගියා.එක Temporary ජොබ් එකක් අම්මගෙ Factory එකෙ වැඩ කරන යාලුවෙකුගෙ ගෙදර තිබ්බ බතික් වැඩ කරන්න.ඊට මාස කීපයකට පස්සෙ තමා අම්මලගෙ Factory එකෙ ජොබ් එකක් මට සෙට් වුනෙ.මම දන්නවා අපිව ලොකු මහත් කරන්න අම්ම වින්දෙ මොනවගෙ දුකක්ද කියල.මම මගෙ ඇස් දෙකෙන්ම දැකලා තියෙනව.මමත් අවුරුදු දෙකක් විතර එතන වැඩ කලා.

ඉස්සර අම්ම උදෙන්ම නැගිටලා අපිට ඉස්කොලෙ ගිහින් ආවම කන්න කැම උයල වැඩට දුවනවා. අපිව කවදාවත්ම බඩගින්නෙ තියලා නැහැ .ඉස්කොලෙ ගිහින් කන්න මොනවත්ම නෙත්නම් පාන් පෙති දෙක මැදට සීනි දාලා අරගෙන ගිහින් තියෙනව,එතකොට එක කන්නෙ යාලුවන්ට හොරෙන්.උදෙට නෙගිටලා අපිට කන්න බත් එකක් එක්ක පරිප්පු එකක් හරි හදල යන්නෙ.ඉස්සර අපෙ අම්මගෙ ප්‍රියතම කැම එක තමා TVP(Soya Meat).ඕක සතියකට දවස් දෙකක් තුනක් වරදින්නෙම නැහැ.(අපි අදටත් අම්මගෙ TVP හොද්ද මතක් කරනවා එතකොට එය හින වෙනවා) 1988 89 කලෙ ලංකාවෙ ගොඩක් Factory වැහුවා.එතකොට අපෙ අම්මටත් ගෙදර ඉන්න වුනා.මම හිතන්නෙ අවුරුද්දක් විතර.අම්ම ඉදිආප්ප හදලා ගෙවල් වලට වික්කා.මට එතකොට වයස 13, මම තමයි ඔර්ඩෙර් ආපුවම එවා අරගෙන යන්නෙ.අම්මා අපි වෙනුවෙන් කරන හැමදෙයකටම මම උදව් වුනා.දැනටත් අම්මා එ දෙවල් මතක් කරනවා.එයාට තිබ්බ එකම සතුට තමා කොහොම හරි අපිව ලොකු කරන එක.හැම දෙයක්ම පුදුම විදියට ඉවසනවා,එයාට ආව ප්‍රශ්න කරදර හැමදෙයක්ම කිසිම විදියකට සැලෙන්නෙ නැතිව හැමදෙයක්ම අපි වෙනුවෙන් ඉවසුවා.අපිව කවදාවත්ම ඉස්කොලෙ නොයවා ඉන්දලා නෙහැ.

අම්මා උදෙ 6.30 වෙනකොට ගිහින් හෑමදාම එන්නෙ 9 පහු වෙල.අම්ම පැය 8 අමතරව වැඩිපුරත් වැඩ කරල එන්නෙ.මට මතක විදියට අම්මගෙ salary එකට වඩා අම්ම overtime කරල හෙව්වා.මම හැමදාම බස් හෝල්ට් එකට යනවා ‍රැට අම්මව එක්කගෙන එන්න.ඉස්සර අම්මා පොයටත් ඉරිදත් වැඩ.අසනීපයකටවත් අම්ම නිවාඩු ගන්නෙ නැහැ පෝය දවසකට හරි ඉරිදා දවසකට හරි වැඩට යන්නෙ නැතිව ඉන්නව කිවුවාම අපි තුන්දෙනාම කැහැගානවා………අම්ම ගෙදර ඉන්න එකෙ සන්තොසෙට.අපිට උගන්වන්න අපිට කන්න බොන්න දෙන්න එයා එයගෙ තරුණ කාලයම අපි වෙනුවෙන් දුක් වින්දා කිසිම සැපක් කගෙන්වත්ම උදව්වක් නැතිව ……පව්,  අම්මා හැමදෙයක්ම කලෙ අපි වෙනුවෙන්,අදටත් මට හිතාගන්න බැහැ එයා කොහොමද අපිව මෙ විදියට උගන්වලා ලොකු මහත් කලෙ කියල……..

සියක් ආයු ලැ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!

Sunday, September 15, 2013

ඉන්දියන් හමුදාවට යුද්ධය අවසන් කරන්නට ඉඩ නොදීම ඓතිහාසික වැරැද්දක් (2)

ස්විට්සර්ලන්තයේ කනල්කා ගුවන් විදුලිය ‘ගෝඨාගේ යුද්ධය’  (Gota's War) ග‍්‍රන්ථයේ කර්තෘ සී.ඒ. චන්ද්‍රපේ‍්‍රම සමඟ පැවැත්වු සාකච්ඡාවක්  ඇසුරිනි උපුටා ගැනිම ලංකාදීප

ප‍්‍ර: දෙමළ නායකයන් දීපු මේ වෙනම රාජ්‍ය සංකල්පය අවසානය දක්වා රැගෙන ගියේ ප‍්‍රභාකරන්. ඒ සඳහා ඔහුට තිබූ ඉඩ ප‍්‍රස්ථා මොනවාද?
පි: ලෝකයේ සිටි ත‍්‍රස්තවාදී චරිත අතරින් ප‍්‍රභාකරන් කියන්නේ අමුතුම චරිතයක්. තමන් සහ තම සංවිධානයෙන් පිට කිසිම දේකට කිසිම ආගමකට කිසිම ජාතියකට කුලයකට රටකට හෝ කාටවත් ලැදියාවක් නැතිව තම තමන්ගේ බලය ගොඩනගාගැනීම සඳහා නරුමවාදී විදියට වැඩ කළ පුද්ගලයෙක්. ඔහුට මේ අදහස් ආවේ කොහොමද? ඔහුට ආවෙත් දෙමළ නායකයන්ගෙන්. අවසානයේදී තමන්ට මේ අදහස් දුන් ඒ නායකයින්වත් විනාශ කළා. සමකාලීනව සිටි සන්නද්ධ කණ්ඩායම්වල නායකයින්ව විනාශ කළා. තමන්ට එරෙහි වෙයි කියන හැම දෙනාම ඝාතනය කරලා තමයි ඒ තත්ත්වයට ආවේ.

ප‍්‍ර:  ප‍්‍රභාකරන් ඔහු සමග සමකාලීනව සිටි අනික් සන්නද්ධ කණ්ඩායම්වල නායකයන් විනාශ කළේ කොහොමද?
පි: අවුරුදු 25 ක් තිස්සේ ප‍්‍රභාකරන්. උමා මහේෂ්වරන් හැර අනික් සන්නද්ධ කණ්ඩායම්වල නායකයන් මා ඇසුරු කළා. එහිදී මට හැඟුණු දෙයක් තිබුණා. මම ඒක ඔවුන්ට කියලත් තියෙනවා. ප‍්‍රභාකරන්ට පහරදිය යුත්තේ දෙමළ සන්නද්ධ කණ්ඩායම් තුළින්ම බව තමයි. මම ඔවුන්ට කීවේ. ඔවුන් විසින්ම ප‍්‍රභාකරන් මෙල්ල කරගත යුතු බවත් මම කිව්වා. නමුත් අවාසනාවකට මෙන් ප‍්‍රභාකරන් මෙල්ල කර ගැනීමට අවශ්‍ය ඒ එඩිතර බව ඔවුන්ට තිබුණේ නැහැ. ඔන්න  ඕක තමයි ප‍්‍රශ්නය වුණේ.

ප‍්‍ර: අවසානයේදී වුණේ ප‍්‍රභාකරන් විසින් මේ සන්නද්ධ කණ්ඩායම්වල නායකයන්ව ඝාතනය කිරීමයි.
පි: ඇත්තටම ටෙලෝ සංවිධානයේ නායකයාව සිටි ශ්‍රී සභාරත්නම්ව මැරුවේ මම තරුණ කාලේ. ඊට පස්සෙ මම ඔහු ගැන සොයා බැලූවේ නැහැ. මේ පොත ලියන්න ඔහු ගැන කරුණු හෙව්වා. එහෙම හෙව්වේ ඔහු ගැන මගේ සිතේ ඇඳිලා තිබුණේ රම්බෝ වගේ චරිත ලක්ෂණ ඇති රූපයක් නිසා. නිර්වේල බැංකු මංකොල්ලයේදී ඒ මුදල් රැගෙන එන වාහනයට අතර මගදී වෙඩි තියලා එහි සිටින පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමේ කාර්ය නියම වෙලා තිබුණේ ප‍්‍රභාකරන්ට. ප‍්‍රභාකරන් පාර මැදට පැනලා වාහනයට වෙඩි තිබ්බට තුවක්කුව පත්තු වුණේ නැහැ. පස්සේ එතන හිටපු සභාරත්නම් තමයි වාහනයට වෙඩි තියලා එදා ප‍්‍රභාකරන්ගේ ජීවිතය බේරා ගත්තේ. මේ නිසා තමයි ඔහු රම්බෝ විදියට මම හිතාගෙන හිටියේ. නමුත් පොතට කරුණු හොයන වෙලේ මට හමුවුණා සභාරත්නම්ගේ හිටපු බොඩිගාඞ් කෙනෙක්. මම ඔහුගෙන් ඇහුවාම ඔහු කීවේ සභාරත්නම් තුවක්කුවක් අල්ලන් ඉන්නවා ජීවිතේට දැකලා නැහැ කියලා. මට පුදුම හිතුණා. මං මේ ගැන වර්ධරාජා පෙරුමාල්ගෙන් ඇහුවාම ඔහු කීවෙත් සභාරත්නම් එවැනි පුද්ගලයෙක් තමයි කියලා.
ඔන්න ඔතන තමයි ප‍්‍රශ්නය. ප‍්‍රභාකරන් එක්ක හැප්පෙන්න ඔහු වගේ තකට තක පුද්ගලයෙක් හිටියේ නැහැ. එහෙම මිනිස්සු නොහිටියත් නොවෙයි. මේ පොතේ එක චරිතයක් තියෙනවා. දාස් කියලා. මේ දාස් ප‍්‍රභාකරන් වගේම දඩබ්බර චරිතයක්. 1985 වන විට යාපනයේ නෙල්ලිඅඩි ප‍්‍රදේශය පාලනය කළේ මේ දාස්ගේ නායකත්යෙන් යුත් ටෙලෝ කණ්ඩායම. නෙල්ලිඅඩි ප‍්‍රදේශයට ඇතුළු වන මුරකපොල්ල ළඟින් ඇතුළට යන්න ආවා එල්.ටී.ටී.ඊ. නියෝජ්‍ය නායක මහත්තයා. මහත්තයා ඔහු ආපු බයිසිකලයෙන් නවත්වන්නේ නැතිවම ඉදිරියට ගියාම දාස් ඔහුගේ පස්සෙන් එළවගෙන ගොස් නවත්තලා මේක අපේ ප‍්‍රදේශය උඹලට එහෙම අනවසරයෙන් යන්න බෑ කියලා. ටොක්කකුත් ඇනලා තියෙනවා. එහෙම එල්.ටී.ටී.ඊ. එකට ටොකු අනින්න පුළුවන් මිනිස්සුත් හිටියා. අවාසනාවකට ටෙලෝ අභ්‍යන්තර ප‍්‍රශ්නයක් ඇති වෙලා යාපනයේ රෝහලේ කැන්ටිමේදී ටෙලෝ සාමාජිකයෙකු අතින්ම දාස් වෙඩි කෑවා. ප‍්‍රභාකරන්ගේ මේ දඩබ්බර ක‍්‍රියාවන් නවත්වන්නට මේ දාස් වගේ චරිතයක් දෙමළ සමාජය තුළ නොසිටීම තමයි මේ මුළු ක‍්‍රියාවලියේම මහා ඛේදවාචකය. එහෙම සිටියා නම් මේ ප‍්‍රශ්නය ඉවර වෙන්නෙ නන්දිකඩාල් කලපුවෙන් නෙවෙයි.

ප‍්‍ර: උමා මහේෂ්වරන්ගේ චරිතය ප‍්‍රභාකරන්ට අභියෝගයක් වුණේ නැද්ද?
පි: අනිවාර්යවෙන්ම. ඒකත් මගේ පොතේ විස්තරවෙනවා. 1981 වන විට යාපනයේ තිබූ ප‍්‍රබලම සන්නද්ධ සංවිධාන දෙක තමයි ටෙලෝ සහ ප්ලොට් සංවිධානය. ඔවුන් තමයි රජයේ ආයතනවලට නිර්මාණශීලී දැවැන්ත ප‍්‍රහාර එල්ල කළේ. මුලින්ම පොලිස් ස්ථානයකට පහර දුන්නේ ප්ලොට් සංවිධානය. ඒ කාලයේ එල්.ටී.ටී.ඊ.යට එහෙම දෙයක් කරනවා තියා හිතන්නවත් බැහැ. මහා පරිමාණයේ බැංකු මංකොල්ල කෑම් කළේ ටෙලෝ සහ ප්ලොට් යාපනයේ දිස්ත‍්‍රික් සංවර්ධන ඡන්දය කඩාකප්පල් කළේ ප්ලොට්. යාල්දේවී දුම්රිය පුපුරුවා හැරියේ ටෙලෝ. මේ කාලේ එල්.ටී.ටී.ඊ.ය කළේ පැත්තකට වෙලා බලා ඉඳීම පමණයි.  ඕක තව පොඞ්ඩක් ඉස්සරහට ගියා නම් බලගතුම සංවිධානය වන්නේ ටෙලෝ නැත්නම් ප්ලොට්. එල්.ටී.ටී.ඊ.ය ඒ අහලකවත් හිටියේ නැහැ

ප‍්‍ර: මේ විදියට අහලකවත් නොසිටි එල්.ටී.ටී.ඊ.ය කරළියට ආවේ කොහොමද?
පි: ඔවුන් කරළියට ආවේ ඉලක්කගත ඝාතන ක‍්‍රියාවලියක් තුළින්. 1981 වන විට අතිශයින්ම සාර්ථක වෙලා තිබුණු ප්ලොට් සංවිධානය විනාශ කළේ කොහොමද? ඒකේ නියෝජ්‍ය නායකයාව සිටි සුන්දරම්ව මරා දැමීමෙන්. මේකට ප‍්‍රභාකරන් යොදා ගත්තේ එයාගේ කිට්ටුම සගයා වූ චාල්ස් ඇන්තනි හෙවත් සීලන්ව. ඊට පස්සේ ප්ලොට් සංවිධානයේ තිබූ ගැම්ම නැතිවුණා. සංවිධානය විනාශ වුණා.

ප‍්‍ර: එතකොට ටෙලෝ සංවිධානය විනාශ කළේ කොහොමද?
පි: යාල්දේවි පුපුරුවා හැරීම, චාවාකච්චේරි පොලිස් ප‍්‍රහාරය වැනි අති සාර්ථක  මෙහෙයුම් කළ ටෙලෝ නායක ශ්‍රී සභාරත්නම්ට වෙඩි තියලා මැරුවා. මේ විදියට තමයි අනිත් සන්නද්ධ කණ්ඩායම් විනාශ කරලා ප‍්‍රභාකරන් තනි ඒකාධිපතියෙක් වුණේ.

ප‍්‍ර: 1983 දී හමුදාවට එල්ල කළ මුල්ම ප‍්‍රහාරයත් සමග නේද එල්.ටී.ටී.ඊ. කරළියට එන්නේ.
පි: මේ ප‍්‍රහාරය හමුදාවට එල්ල කළේ හමුදාවෙන් පළිගැනීමට. ඒකට හේතු වුණේ ප‍්‍රභාකරන්ගේ කිට්ටුම සගයා වූ චාල්ස් ඇන්තනි හෙවත් සීලන්ව අහම්බෙන් හමුදාවෙන් වෙඩි කා මිය යාම. ඒ කාලයේ හැටියට මේක ලොකු ප‍්‍රශ්නයක් වුණා.

ප‍්‍ර: මේ සිදුවීමෙන් පසුව දකුණේ කළු ජූලිය ඇති වුණා. ඒ නිසාද එල්.ටී.ටී.ඊ.යට ජාත්‍යන්තර වශයෙන් හඬක් නගන්න පුළුවන් වුණේ.
පි: කළු ජූලියට කලින් කොටි සංවිධානයට සංකේන්ද්‍රගත නැති ඊලාම් වාදී කණ්ඩායම් ලෝකයේ විවිධ රටවල හිටියා. ඔවුන් ඒ රටවල්වල ඉඳගෙන ඊළාම් මතවාදය ගොඩනගමින් සිටියා. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1979 දී ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලංකාව ඊළාම් දේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබුණා. ඒ වගේම එවකට සිටි ඇමෙරිකානු ජනාධිපති කාටර්ගෙන් ඉල්ලීමක් කළා ලංකාවේ වෙනම රාජ්‍යයක් ගොඩ නගන්නට ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂවලට සහාය දිය යුතුයි කියලා. 83 න් පස්සෙ ඇති වුණේ මේ ඊළාම් මතවාදයට තවත් වැඩිපුර පිරිසක් එකතුවීමයි. ඊළාම් මතවාදය ඊට කලිනුත් තිබුණා.


ප‍්‍ර: ඔබ කියා සිටියා එල්.ටී.ටී.ඊ.යට සටනක් දිය හැකි පුද්ගලයෙක් නොසිටි නිසා ප‍්‍රභාකරන් ඉදිරියට ආ බව. ඇයි දකුණේ බිහිවුණු ආණ්ඩුවලට ප‍්‍රභාකරන්ව මර්දනය කිරීමට නොහැකි වුණේ.
පි: අන්න ඒකත් ප‍්‍රශ්නයක් වුණා. එතනත් දුර්වලතාවයක් තිබුණා. ඒකත් මේ පොතේ විස්තර වෙනවා. 1982 ට කලින් ඉන්දියානු ආණ්ඩුවේ අනුමැතිව නැතිව තමිල්නාඩු ප‍්‍රාන්තය මේ කණ්ඩායම් පාවිච්චි කළා. හොරෙන් යනවා එනවා. පුහුණුවීම් කරනවා. 1983 න් පස්සේ ප‍්‍රභාකරන් සහ උමා මහේෂ්වරම් තමිල්නාඩුවේ පොන්ඩි චේරිවලදී පොලිසියට අසු වුනායින් පසුව රෝ සංවිධානය ඔවුන් සමග සබඳකම් පවත්වමින් එළිපිටම උදවු කළා. ඔවුන්ට ඊට පස්සේ මෙහෙට එනවා ප‍්‍රහාර එල්ල කරනවා. ඉන්දියාවට පැනලා යනවා. තමිල්නාඩුවේදී රැකවරණය දෙනවා. එහෙම නැතිව ඔවුන් ලංකාවෙම හිටිය නම් තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා.

ප‍්‍ර: ලංකාව වටේටම තියෙන්නේ මුහුද ඇයි නාවුක හමුදාවට බැරිවුණේ ඔවුන්ගේ මේ ගමන් බිමන් පාලනය කරන්න.
පි: ඒකට හේතුව තමයි තාක්ෂණික ප‍්‍රශ්න

උපුටා ගැනිම ලංකාදීප


ඉන්දියන් හමුදාවට යුද්ධය අවසන් කරන්නට ඉඩ නොදීම ඓතිහාසික වැරැද්දක් (1)

ස්විට්සර්ලන්තයේ කනල්කා ගුවන් විදුලිය ‘ගෝඨාගේ යුද්ධය’  (Gota's War) ග‍්‍රන්ථයේ කර්තෘ සී.ඒ. චන්ද්‍රපේ‍්‍රම සමඟ පැවැත්වු සාකච්ඡාවක්  ඇසුරිනි.උපුටා ගැනිම ලංකාදීප

ප‍්‍ර: ඔබ වඩාත් ප‍්‍රකට දේශපාලන විචාරකයෙක් ලෙසට. නමුත් ඔබගේ ගෝඨාස් වෝ කියන මේ පොත දුටු ගමන් පාඨකයා ඔබ හඳුනා ගන්නේ යුද විචාරකයෙකු ලෙසට. මෙහි ඔබ විස්තර කරන්නේ යුද්ධය ගැනද?නැත්නම් යුද්ධයට තුඩුදුන් දේශපාලන කරුණු ද නැත්නම් ඒ සියල්ලමද?
පි: මේ යුද්ධය ගැන ලියනවනම් එය යුද වාර්තාකරුවකුට පමණක් ලිවිය හැකි එකක් නොවෙයි. දැන් යුද්ධය අහවර වී ඇති නිසා ලිවිය යුත්තේ සමස්ත ක‍්‍රියාදාමය ගැනයි. දේශපාලනමය කරුණුවලින් පටන්ගෙන ත‍්‍රස්තවාදය දක්වා පැතිරී පසුව එය සිවිල් යුද්ධයක් බවට පත් වූ ආකාරය තමයි විස්තර වන්නේ. අනික මේ යුද්ධය ගැන ලියන විට හැමෝම කල්පනා කළ යුතු දෙයක් තමයි ඇයි මෙහෙම වුණේ කියලා. ඒවා නැතිව ලියන ග‍්‍රන්ථයක් අසම්පූර්ණයි.

ප‍්‍ර: ඔබගේ ග‍්‍රන්ථයේ දේශපාලන කරුණු තිබෙන්නේ 60% ක් විතර. යුද්ධය ගැන තිබෙන්නේ 40% ක් විතරයි නේද?
පි: නැහැ නැහැ 1956 සිට 2002 සටන් විරාම ගිවිසුම දක්වා යුද්ධයක් එක්ක සියලූ කරුණු පොතේ 60% ක් තිබෙනවා. සිවකුමාරන් කියන එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදියා 1970 දී නියෝජ්‍ය ඇමැති සෝමවීර චන්ද්‍රසිරිගේ මෝටර් රථයට යාපනයේ බෝම්බ තැබීමේ ඉඳලා කටුනායක ගුවන් තොටුපළට පහර දීම දක්වා සියලූම සිද්ධීන් මේ 60% ට අඩංගුයි. ඉතිරි 40% තමයි අවසන් යුද්ධය ගැන විස්තර වන්නේ.

ප‍්‍ර: ඔබ සඳහන් කරන මේ සෝමසිරි චන්ද්‍රසිරිට බෝම්බ ඇටවීමේ සිද්ධිය මොකක්ද කවුද කළේ මේ ගැන ඒ කාලයේ මේ ගැන වැඩි ප‍්‍රසිද්ධියක් වුණේ නැහැ නේද?
පි: මේ බෝම්බ ප‍්‍රහාරය ඒ කාලයේ හැමෝටම අමුතුදෙයක් වුණා ඒ හින්දම ආණ්ඩුව ඒ පිළිබඳ විස්තර යටපත් කළා. සෝමවීර චන්ද්‍රසිරිටත් උපදෙස් දීලා තිබුණේ කොළඹට ආවට පස්සේ ඔහොම දෙයක් වුණා කියලා තමන්ගේ ඡන්ද කොට්ඨාසයේ අයටවත් කියන්න එපා කියලා. 1970 ජූලි 28 දා (දිනමිණ) පත්තරයේ නිවුස් එකක් පුංචියට දාලා තිබුණා. ඒකේ තිබුණේ සෝමවීර චන්ද්‍රසිරි හෙලිකොප්ටරයකින් යාපනයේ සිට කොළඹට ආවා කියලා විතරයි. බෝම්බ ප‍්‍රහාරයක් ගැන එහි කිසිම සඳහනක් නැහැ. මේ බෝම්බ ප‍්‍රහාරය සැලසුම් කළේ සිවකුමාරන් කියන ත‍්‍රස්තවාදියා.

ප‍්‍ර:  මේ බෝම්බය ඇටවූයේ කොහොමද. ඉන් ඔහු බේරුනේ කොහොමද?
පි: සෝමසිරි චන්ද්‍රසිරි යාපනයේ ඉඳලා කොළඹට ඔහුගේ මෝටර් රථයෙන් එන්න කලින් මෝටර් රථය ඇතුළේ මේ බෝම්බය තිබ්බා මගදී පිපිරෙන්න. සෝමසිරි චන්ද්‍රසිරි යාපනයෙන් පිටත් වෙලා එනකොට අතරමගදී හරිජන කුලයට අයත් මිනිස්සු මග රැස්වෙලා හිටියා. ඔහුට සන්දේශයක් බාර දෙන්න. සෝමසිරි චන්ද්‍රසිරි ඒ සන්දේශය භාර ගන්න මෝටර් රථය නවත්වල මිනිස්සු ළඟට  ඇවිත් ඉන්න කොට තමයි මෝටර් රථයේ බෝම්බය පිපුරුණේ.

ප‍්‍ර: මේ බෝ්ම්බ ප‍්‍රහාරයට සිවකුමාරන් සම්බන්ධ වූ බව ඔබ කියන්නේ කුමන හේතු සාධක ඇතුවද?
පි: මේ විස්තර අදටත් හොඳින් දන්නවා වර්ධරාජා පෙරුමාල්. ඔවුන් දෙදෙනා එකට ඉගෙන ගෙනත් තිබෙනවා. පෙරුමාල් මේ විස්තර මට කිවුවා. මම සෝමවීර චන්ද්‍රසිරිගේ දුවගෙනුත් ඇහුවා. ඔවුනුත් ඒක අනුමත කළා. ඒ අයටත් ආණ්ඩුවෙන් දැඩි ලෙස උපදෙස් දීලා තිබුණේ මේ සිද්ධිය කාටවත්ම කියන්න එපා කියලයි.

ප‍්‍ර: බොහෝ දෙනෙකුගේ මතය වන්නේ මේ ත‍්‍රස්තවාදයේ ආරම්භය 1976 ඇල්ප‍්‍රඞ් දොරෙයි අප්පා ඝාතනයෙන් කියලයි. නමුත් ඔබ කියන්නේ ඊටත් එහා ගිය ඉතිහාසයක් ගැනද?
පි: අනිවාර්යයෙන්ම. 70 දී සෝමසිරි චන්ද්‍රසිරිට බෝම්බ පුපුරුවලා මරන්න හැදුවා. පස්සේ 1972 දී කයිට්ස් මන්ත‍්‍රීවරයාව සිටි ත්‍යාගරාජාට වෙඩි තිබ්බා. වෙඩි තිබ්බේ සිවකුමාරන්ගෙන් පසුව කරළියට ආපු සත්‍ය සීලන් කියන ත‍්‍රස්තවාදියාත් තවත් කෙනෙකුයි.

ප‍්‍ර: නමුත් මේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා වැඩිපුර ප‍්‍රසිද්ධියට පත්වුණේ නැහැ නේද?
පි: ඇයි නැත්තේ. ත්‍යාගරාජාට වෙඩි තැබීමේ සිද්ධිය ඬේලි නිවුස් පත‍්‍රයේ මුල් පිටුවේ පින්තූරත් එක්ක පළවෙලා තිබුණා. ත්‍යාගරාජාගේ පින්තූරයක් වෙඩි වැදුණු බිත්තියේ හිල් තියෙන පින්තූර පත‍්‍රයේ පළ වුණා. සෝමසිරි චන්ද්‍රසිරි සිද්ධියත් පත්තරයේ නොගියාට එක්තරා ආකාරයට රට තුළ පැතිරී තිබුණා. නමුත් මේ ත‍්‍රස්තවාදී වෙඩි තැබීම්වලින් ඝාතනය වුණු පළමු පුද්ගලයා තමයි ඇල්ප‍්‍රඞ් දුරෙයි අප්පා. නමුත් ත‍්‍රස්තවාදයේ ආරම්භය නම් ඇල්ප‍්‍රඞ් දොරෙයි අප්පා නම් නොවෙයි.

ප‍්‍ර: මේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා ආරම්භ වීමට තුඩුදුන් හේතු මොනවා කියලද ඔබ සඳහන් කරන්නේ.
පි: ලංකාවේ තිබූ ඉලංගෙයි තමිල්අරසු කියන පක්ෂය එක්තරා දේශපාලන මතිමතාන්තරයක් ප‍්‍රසිද්ධ කළා. දෙමළ රාජ්‍ය සංකකල්පයක් පිළිබඳව. මේ සංකල්පය දෙමළ සමාජය තුළ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වුණා. මේකේ ආරම්භක සාමාජිකයකු හැටියට සිටි වර්ධරාජා පෙරුමාල් කියන්නේ 1965 දී එවකට තිබූ පෙඩරල් පක්ෂය ඒ වන විට බලයේ සිටි ඩඞ්ලි සේනානායකගේ එජාප ආණ්ඩුව සමග සන්ධාන ගත වීම නිසා සටන පාවා දුන්නා යන නිගමනය මත දෙමළ තරුණයන් සංවිධානය වීමට පටන් ගැනීමයි. මේ විදියට දෙමළ තරුණයන් සංවිධානය වෙන්න පටන් ගන්නේ 1969 අවසානයත්  සමග මේ දෙමළ රාජ්‍ය සංකල්පය යටතේ තමයි උතුරු නැගෙනහිර මේ දෙමළ පරම්පරාව හැදුණේ වැඩුනේ. මේකෙන් ගැලවෙන්න වර්ධරාජා පෙරුමාල්ට ප‍්‍රභාකරන්ලාට බැරිවුණා.

ප‍්‍ර: වෙනම රාජ්‍ය සංකල්පය දෙමළ නායකයන් කොහොමද දෙමළ තරුණයන්ගේ ඔලූවලට දැම්මේ?
පි: මේ දෙමළ රාජ්‍ය සංකල්පය දෙමළ නායකයන්ට කොහෙන්ද ආවේ. ඒක ආවේ දකුණු ඉන්දියාවෙන්. ඉන්දියාවේ ඉතිහාසය දෙස බැලූවාම දකුණු ඉන්දියාවේ මේ බෙදුම්වාදය ක‍්‍රියාත්මක වුණා. දකුණු ඉන්දියාව ඉන්දියාවෙන් වෙන්කරලා දකුණු ඉන්දියාව වෙනමම යටත් විජිතයක් ලෙස පාලනය කළ යුතු බවටත් බිතාන්‍ය අධිරාජ්‍යයෙන් ඉල්ලීමක් තිබුණා. ඒ ඉල්ලීම තිබුණේ මෙහෙමයි. Government of Hindustan iy Government of Tamil Nadu වශයෙන්. මේ බෙදුම්වාදය මුල් කරගෙන 1949 දී දකුණූ ඉන්දියාවේ DMK  පක්ෂය මුල්වරට බිහි වෙනවා. එයට සමගාමීව ලංකාවෙන් 1949 දී වෙනම රාජ්‍ය සංකල්පය යටතේ. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පිහිටුවනවා. බැලූවාම ඉන්දියාව් බෙදුම්වාදයයි ලංකාවේ බෙදුම්වාදයයි දෙකම එකට සමාන්තරව ගමන් කරපු ආකාරයක් තමයි පෙනෙන්නේ බෙදුම් වාදය නියෝජනය කළ ලංකාවේ පක්ෂය තමයි පෙඩරල් පක්ෂය. ඒක 1965 දී එජාප ආණ්ඩුව සමග සභාගයකට යෑම තමයි මේ සංවිධානවල සිටි දෙමළ තරුණයෝ මහා පාවා දීමක් හැටියට දැක්කේ. පස්සේ මේ දෙමළ තරුණයෝ සංවිධානය වන්නට පටන් ගත්තා. ශිෂ්‍යයන්ව මේකට සම්බන්ධ කළා. මේ ව්‍යාපාරයට තවත් රුකුලක් වුණා. 1970 දී ආණ්ඩුව කරපු තවත් වැඩක් නිසා. ඒක ඓතිහාසික වැරැද්දක්. භාෂාව අනුව විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ ක‍්‍රමයක් හඳුන්වා දීම නිසා දෙමළ සිසුන්ට යම් අසාධාරණයක් වුණා. මේ නිසා ශිෂ්‍යයන්ව ඉතාම පහසුවෙන් මේ සංවිධානයට බඳවා ගැනීමට තරුණයින්ට හැකි වුණා. මේ වැරැද්ද හදාගන්නට අවුරුදු 5 ක් විතර ගියා. පස්සේ තමයි දිස්ත‍්‍රික් අනුපාත ක‍්‍රමය හඳුන්වා දුන්නේ. මේ ඓතිහාසික වැරැද්ද පිළිබඳව පසු විපරමක් කරනවා නම් එය සිංහල දෙමළ දෙවර්ගයටම වැදගත්. ඇයි මෙහෙම වුණේ. ලංකාවේ සිංහල දෙමළ දේශපාලන නායකයන් වගකීමෙන් ක‍්‍රියා කළාද? එහෙම වගකීමෙන් ක‍්‍රියා කළා නම් මේ ප‍්‍රශ්න මෙහෙම නොවෙන්නට ඉඩ තිබුණා නේද? යන ප‍්‍රශ්නය අප අපගෙන්ම අසාගත යුතු වෙනවා. මේ යුද්ධය දිනපු හමුදා සෙබළුන්ට මම කතා කළා. ඔවුන් ලැබූ ජයග‍්‍රහණය ගැන ඉතාම ආඩම්බරයෙනුත් කථා කළා. එහෙත් ඔවුන් හැමෝම කිව්වේ මොකක්ද? නැවතත් මෙහෙම දෙයක් නම් එපා කියලයි. දිනුමත් එපා කියලයි.

උපුටා ගැනිම ලංකාදීප

Tuesday, September 10, 2013

අයියො සල්ලි........................

සල්ලි සල්ලි කියලා බලන්න එපා,මෙන්න ගෙදරකට ගන්නවනම් ගන්න නියම ලීබඩු.වැඩිය ගනන් නැහැ අඩුම රුපියල් වලින්ම 100,000/ සිට ඉහලට......
ලංකාවෙ අපිටනම් ලොකු ගානක් වුනාට මෙහෙ ඉන්න ඔ‍ටුවන්ට සල්ලි ගානක් නැහැ.


Cinema Sofa ආතල් එකෙ චිත්‍රපටියක් බලන්න,රුපියල් 1,050,000/ (බය වගෙද ගන්න..) 



FABRIC SOFA

FABRIC SOFA

                                                                   LEATHER SOFA

DINING TABLE

                                                                  FABRIC SOFA

Monday, September 2, 2013

අපි දේශීය සංගීතය විනාශ කරන්න ආපු අය කියලා සමහර ප්‍රවීණයන් අපිට චෝදනා කළා
සංගීතය හා ජීවිතය ගැන කසුන් කල්හාර සමග පිළිසදරක් 
Kasun Kalharaසංගීතයේ නවමං සොයා යන තරුණ ගායක සංගීතවේදියෙකු ලෙස කසුන් කල්හාර ජයවර්ධන පිළිගැනේ. මේ වර්තමාන සංගීත ක්‍ෂේත්‍රයේ විවිධතා සහ පුද්ගලයන් ගැන කසුන් සමග කළ කතාබහකි.

එළිමහන් සංගීත ප්‍රසංග කසුන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

ප්‍රතිපත්තියක් හැටියට මම එළිමහන් ප්‍රසංගවල ගී ගයන්නට යන්නේ නෑ. මගේ ගීත රසවිඳින්නේ ගෘහස්ථ ප්‍රසංගවලට එන සංයමයක් ඇති රසික පිරිස බවයි මගේ විශ්වාසය.

අද ව්‍යාප්ත වී ඇත ‘රිඟින්ටෝන්’ ගීත රැල්ල ගැන ඔබේ අදහස? 

ඒක මේ වෙද්දී ඩිජිටල් මීඩියා එකේ යන බිස්නස් එකක් විතරයි ඒ. ඒ බිස්නස් එක තමන්ට නතු කර ගැනීම වෙනුවෙන් විකුණන්න ගීත හදනවා මිසක් මිනිස්සු අතරට වෙනස් දෙයක් යවන්න ඕනෑයි කියල හිතල නිර්මාණ කරන්නෙ නෑ. ඒ නිසා ‘රිඟින්ටෝන්’ රැල්ල කියන්නෙ විනාශයට තවත් තල්ලුවක් විතරයි. 

අද ඇහෙන ගීත ගැන? 

මිනිස්සුන්ගෙ අවශ්‍යතාවයට හැදෙන ගීත නමෛයි බහුතරය සුළුවෙන් හරි අපිත් රිගින්ටෝන් සම්බන්ධ වුණා තමයි ඒත් ඒක ජරාම තැනට යාම වළක්වන්න උත්සාහ කරනවා බිස්නස් එක කරන අය හැමෝටම කියන්නෙ ජරාම දේ කරන්නයි. තමන් විශ්වාස කරන කලාව වෙනුවෙන් පෙනී හිටිනවද? කියල අපි තීරණය කළ යුතුයි. හැබැයි ටික කලකින් මේ රිගින්ටෝන් මාර්කට් එක ඇතුළෙ කෙරෙන දේවල් නවතීවි කිසි දෙයක් සදාකාලික නෑනෙ. 

පරම්පරා පරතරය ඔබ ඔබ විශ්වාස කරනවාද? 

විශ්වාස කරන්න සිදුවෙලා තියෙනවා. හැබැයි අපට කලින් පරම්පරා දෙකකට විතර එහා අය හා අපි අතර ලොකු පරතරයකුත් නෑ. අපේ සහ අපට පසු පරපුර අතර ඊට වැඩි පරතරයක් තියෙනවා. නරක දේශපාලනය නිසා අතුරුදන්වීම් ආදිය වෙලා ඇති වුණ අඩුවකුත් තියෙනවා. ඒ කලාවටත් බලපාන ඒ ඇරියස් එක කවර් වෙලා නෑ. ඉන්දියාවෙ කලාව ලංකාවෙ මේ වෙද්දී පවතින මට්ටමට වඩා දියුණුයි. 

වැඩිහිටි පරපුරේ නිර්මාණ ඔබ ගායනා නොකරනවාද? ඔබේ පියා වන සංගීතවේදී එච්.එම්.ජයවර්ධනයන්ගේ නිර්මාණ පවා ඔබ ගයා ඇත්තේ අඩුවෙන්

සබ්ජෙක්ට් එකක් විදියට මේක අවංක වුවමනාවෙන් කරපු වැඩිහිටි අතළොස්සකගේ වැඩවලට එකතු වුණා. මුල් කාලෙදී මම තාත්තා හදපු රූප පෙට්ටියේ වීණාවි වගේ ගීත ගායනා කළා. අනන්තයට ගීතයෙන් මම වෙන පාරක ගියාට පස්සේ තාත්තා මගේ ෙශෙලියට හදපු රෝස මල් යායේ ගීතය ගායනා කළා. මගේ ෙශෙලියට තාත්තා හදලා දුන්නොත් මම ගායනා කරනවා. 

ඔබේ මුල්ම ප්‍රසංගයේත් ප්‍රධාන ආරාධිතයා වූ ප්‍රේමසිරි කේමදාසයන් හැමදාම ඔබව අගය කළා. මාස්ටර් කළ වගේ ඔපෙරා සිම්පති ආදී කටයුත්තකට යොමු වෙන්න අදහසක් නැද්ද? 

මාස්ටර් ගැන මගේ ගෞරවය ඉහළයි. මේ පුංචි කොදෙව්වේ ඉපදිලා ඔහු ලොකු දෙයක් කළා. ඔහු කළා වගේ වැඩක් කරන්න අදහසක් තියෙනවා. මිනිස්සුන්ව දැනුවත් කරල ඉන්න ඕනෑ. යමක් කරන්න කලින් හාහුවක් ඕනෑනෙ මේ රටේ අලුත් කොන්සට් එක ඒ වගේ උනන්දුවක් ඇති කරන දෙයක්. ඊට පස්සේ ශාස්ත්‍රීය සංගීතය යොදාගෙන අර වගේ වැඩක් කරන්න ඕනෑ ඒකට කාලයක් යනවා. 

ක්ලැරන්ස් විජේවර්ධනයන් ක්ෂේත්‍රයට ආ වකවානුවේ ඔහු දේශීය සංගීතයේ විනාශකාරයෙක් හැටියට වික්ටර් රත්නායකයන් ඔහුව විවේචනය කළ බව ඔහු මට වරක් පැවසුවා. අනන්තයට යන පාර දිගේ ගීතයෙන් ඔබ වෙනස් මගක යද්දී වික්ටර් ඔබවත් දැඩි ලෙස විවේචනය කළා. ඒ ගැන මොකද හිතන්නෙ? 

යම් යම් අය කාලයක් තිස්සේ කලාව කරන්නෙ මෙහෙමයි කියලා ඔළුව හදාගෙන තියෙනවනෙ. ඉතින් ඒ ඒ රටාව වෙනස් කරල තියෙනවා. ඇහුණෙත් අවලස්සනයි කියල හිතනවා. එයින් පුදුම වෙනවට වැඩිය කලබල වීමයි වෙන්නෙ. එක් එක් යුගවල උඩම හිටපු හා දැනටත් ඉන්න අය මගේ නිර්මාණ දැඩි ලෙස විවේචනය කළත් අද මම ඒ සමහරුන් එක්ක එකම වේදිකාවෙත් ඉන්නවා. දැන් මට ඒ සමහරුන් පැසසුම් පවා ලැබෙනවා. ඒ මනුස්ස ස්වභාවය.

කේමදාස මාස්ටර් වගේ අය අලුත් නිර්මාණ දිහා බැලූ විදිහ?

මාස්ටර් උනන්දුවෙන් ලෝකය ගැන අධ්‍යයනය කළා. අපේ ගොඩක් අය ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය විතරයි ඉගෙන ගත්තේ. අලුත් සංගීත සංස්කෘතීන් ගැන හොයලා තමන්ගෙ නිර්මාණවලට ඒවත් ඇසුරු කරගත්ත මාස්ටර් ෂෙල්ටන් ප්‍රේමරත්න වගේ අය අලුත් නිර්මාණ ගැන පුදුම වුණේ නෑ. 

වැඩිහිටි පරපුරටත් ඔබ ගීත හැදුවා නේද? 

ඔව්. අමරසිරි පීරිස්- නන්දා මාලිනී අපේ අම්මා මාලිනී බුලත්සිංහල වගේ අයට හැදුවා. අමරදේවයන්ට ගීතයක් හදන්න මේ දවස්වල ලැබිල තියෙනවා. දිලීප අබේසේකර ලියපු ඒ ගීතය අමරදේවයන් එක්ක මම ගායනා කරනවා. 

ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැන ඔබේ අදහස මොකක්ද?

ඔහු ඉන්න කාලෙ ඔහු ගැන දැනගෙන හිටපු තරම අඩුයි. ගායකයෙකුට වඩා සංගීතවේදියෙක් හැටියට මම ඔහුට මාර විදිහට රෙස්පෙක්ට් කරනවා. ඒ කාලෙට සාපේක්ෂව මියුසික් ගැන ඔහුට තිබුණ ‘නවීන’ දැක්ම ඉහළයි. ඔහුගේ පරාසය අනුව ඔහු ගායනා කළා. ප්‍රශ්නයක් නෑ. සංගීතයේ ඔහු කළ වෙනසයි වැදගත්. අනික් අතට සිකුරුලියා වගේ ගීතයකුත් ඔහු හැදුවනෙ. මම හිතන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන හිටියේ නැත්නම් අපේ සංගීතයේ තව කෑල්ලක් අපට නැතිවෙනවා කියලයි. 

ඔබේ මව මවුකුස දරාගෙන ප්‍රසංගයකට ගී ගයන්න ගියාම ඇයව වේදිකාවට ඉදිරිපත් නොකර අසාධාරණයක් කළ විට එච්.ආර්. ජෝතිපාලයන් නැගී සිට ඇයට සාධාරණය ඉටු කළ පුවත එකල ඔබේ මව පැවසුවා. පුවත්පත්වල පවා එය පළ වූවා. අද ගිටාරය අතට ගන්නා මිතුරු සමාගමේදී ජෝතිගේ ‘සරා සඳේ’ පායා ඇයි හිනැහෙන්නෙ වැනි ගීත ඔබ නිතර ගයනවා. ජෝති උපහාර ප්‍රසංගවලත් ඔබ ඒවා ගැයුවා. කසුන් කල්හාර අවංකවම ජෝති ගැන හිතන විදිහ මොකක්ද කියල මම ඇහුවොත් 

මගේ අම්මා සම්බන්ධ ඔබ මුලින් කී සිද්ධියේදී ඔහු පෙන්නූ මනුෂ්‍යත්වය ගැන එදා ඇගේ කුස තුළ සිටි මම අද ඔහුට ස්තූතිවන්ත වෙනවා. ඒක අපූරු දෙයක්. 
මං ‍පොඩි කාලෙදි කේමදාස මාස්ටර් ජෝතිපාල කියන ගායකයා ගැන කියපු දේවල් නිතර මට ඇහුණා. මාස්ටර් මහා ලොකු දේවල් ඔහු ගැන කියමින් අගය කළාට මට ඕක තේරුනේ නෑ. සංගීත දැනුම එවකට මට නැති නිසා ඒත් පස්සේ මට හිතුණා අනේ ඇත්තටම මාස්ටර් හරියටම අඳුනාගත් මේ ගායකයාව අනිත් හුඟක් අය හරියටම අඳුනගත්තේ නෑ නේද කියල වොයිස් එකක් විදියට මාර තැනක තියෙන වොයිස් එක. ඒක පෞරුෂය පිරුණු ආදරය පිරුණු කටහඬක් පිරිමියෙක් ඔහුගේ වොයිස් එක. ඒක ආදරය කරනව කියන එක හරියටම තියෙන්නෙ ජෝතිගෙ හඩ්යි. සිනමාවේ ඇදක් කුදක් නැතුව සින්දු කිව්වෙ ඒකනෙ. හරියට ස්වර හසුරුවල තනුවට අනුව ගායනා කරපු වටිනා ගායකයෙක්. පට්ට ලයාන්විත ගායකයා එච්.ආර්.ජෝතිපාලයි. ඒත් ඒ මනුස්සයගේ වටිනාකම ඔහු මැරෙන්න කලින් රසිකයන් හැර වගකිවයුත්තන් තේරුම් නොගැනීමයි. කනගාටුදායක කාරණාව. මගේ හිතේ  හැමදාම ඔහුට ඉඩක් තියෙනවා.

ඔබේ පියා (එච්.එම්.ජයවර්ධන) ගේ සංගීත නිර්මාණ ගැන? 

තාත්තාගේ සංගීතය හා කලාව සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් හෝ විවේචනයක් මට නැ. තාත්ත මුල ඉඳලම සංගීතයට දායක වුණා. විදිහ කවදාවත් වෙනස් නොකර ඒ ධාරාවෙම එයා යනවා. එයා විශ්වාස කරන කලාව වෙනුවෙන් යන ඒ ගමනෙන් කාටවත් හානියක් නෑ. එයාගෙ නිර්මාණවලට වගේම ඒ ප්‍රතිපත්තියටත් ගෞරවය දිය යුතුයි කියලයි මම හිතන්නෙ. 

ඔබේ මව (විශාරද මාලිනී බුලත්සිංහල) ගැන මොකද හිතන්නෙ?

මගේ අම්මා නිසා කියනවා නමෛයි එයා ලංකාවෙ හිටපු අග්‍රගණ්‍ය ගායිකාවක් හැටියටයි මම දකින්නෙ. කලාව ගැන එයාට තිබුණු හැඟීම සහ ඊට දායකත්වය දෙන්න එයාට තිබුණු ශක්තිය හරි වැදගත්. ඒ තුළ මට ඇයව පෙනෙන්නෙ වෙනත් අය සමග සසඳන්න බැරි ගායිකාවක් හැටියටයි. ඒ වගේම එයා අති දක්ෂ ගුරුවරියක්. ඒ හැමටම වඩා එයා ඉතාම හොඳ මනුස්සයෙක්. එච්චර හොඳ මනුස්සයෙක් මම කවදත් දැකල නැ. තව සෑහෙන කාලයක් එයාට ඉන්න නොලැබිම කනගාටුදායකයි. 

අද ඇයගේ ගීතත් වෙනත් අය ගයනවා නේද?

කාගෙවත් ගීත කව්රුවත් ගායනා කරන්න අවශ්‍ය නෑ. තමන්ගෙ නිර්මාණ වැඩිදියුණු කිරීම හෝ අලුත් නිර්මාණ කරන එකයි කළ යුත්තෙ. උපහාර ප්‍රසංගයක හෝ වැඩසටහනක ගායනා කිරීමයි Remix කිරීමයි. සමහරු පටලවාගෙන.

අද බොහෝ ගායක ගායිකාවන් ශබ්දාගාරවල ගීත පටිගත කරගෙන ඇවිත් පසුබිමෙන් ඒවා වාදනය කර වේදිකාව මත තොල් සොලවා ප්‍රසංග පවත්වනවා ඔබ ඊට එකඟද?

ඒක පට්ට බොරුවක්නේ. ඔය ‘මයිමිං’ කරන වැඩේට මම කැමතිම නෑ. මගේ ෂෝ එකක් බලන්න එන්නේ මම සින්දු කියනවා අහන්න බලන්න මිසක් මයිමිං කරනවා බලන්න නමෛයිනෙ. සින්දු කියන්න ඕනෑ. හැඟීමෙනුයි මයිමිං කරද්දී මොන හැඟීමක්ද?(සිනාසෙමින්) පිටිපස්සෙන් ප්‍ලේ වෙන සීඩී එක නවතීද පනීවිද කියන බයනෙ ගායකයාගෙ ගායිකාවගෙ මූණෙ තියෙන්නේ

දෙවෙනි ස්වර්ණා මල්ලවආරච්චි ලෙස සමහරුන් හැඳින්වූ නදී කම්මැල්ලවීර කියන සම්මානනීය නිළිය ඔබේ බිරිඳ වූ පසුව ඇගේ රංගන ජීවිතයේ පසුබෑමක් වුණාද?

බිරිඳ වෙච්ච ගමන් නං එහෙම වුණේ නෑ. දරුවෙක් ලැබුණාම ඕනෑ කෙනෙක් විවේක ගන්නවනෙ. දැන් එයා ආපහු වැඩ පටන් අරන් කරපු රැකියාවෙනුත් අයින්වෙලා උනන්දුවෙන් ඉන්නව නිර්මාණවලට දායක වෙන්න. 

පුතාට දැන් වයස කීයද? සංගීතයට උනන්දුද? 

දනු කල්හාර අපේ පුතා. දැන් තුන වසරේ. සංගීතයටත් උනන්දුයි බලමු. 

ඔබේ මව මියගියා. පියා බොහෝ විට ඔහුගේම ලෝකයක හිටියේ. නැගණියත් මියගියා. ඔබ වඩාත් මිතුරු ඇසුරට ළං වුණේ ඒ නිසාද? 

වෙන්න පුළුවන් මිතුරු ඇසුරට මම ප්‍රියයි. මොකද මම තනිකමට කැමති නෑ. මිතුරු ඇසුර නරක විදිහට මට බලපාලා නෑ. මතෛක් කලක්. ක්ෂේත්‍රයේදී කල්ලියක් නෑ. 

සංගීත කටයුතුවලට ඉහළ මිලක් අය කරන බව කියන ඔබ කරුණාරත්න දිවුල්ගනේ හා මිත්‍ර කපුගේ සහභාගි නොවූ රත්න ශ්‍රී විජේසිංහ උපහාර ප්‍රසංගයට මුදල් නොපතා සහභාගි වීම මෑතදී බොහෝ දෙනා අගය කළා නේද?

පුද්ගල වටිනාකම හා නිර්මාණාත්මක වටිනාකමටයි මම තැන දෙන්නෙ. ඒ වටිනාකම තැනක පේනවනං එතනදි මම මුදල් ගැන හිතන්නෙ නෑ.

ඔබේ පියා සමග ඇසුරු කළ අයත් ඔබේ ඇසුර ප්‍රිය කරමින් ඔබ සමග සිටිනවා. ඔබ ඇසුරෙන් ඔවුන් තරුණ වන බවයි. ඔවුන්ගේ හැඟීම. මේ ගැන කසුන්ට මොකද හිතෙන්නෙ? 

(සිනාසෙමින්) ඒක ඉතාම ලස්සන කතාවක් තමයි. මටත් ඇත්තටම එහෙම දැනිල තියෙනවා. වෙන පරම්පරාවක මිනිස්සු එක්ක මම කරන ගනුදෙනුව ඇතුළෙදී මගේ ජීවිතේට ගොඩක් දේ එකතු වෙනවට මම කැමතියි. මම නොදුටු මට හමු නොවුණු මිනිසුන් ගැන පවා මම දැන ගන්නේ ඔවුන් ළඟින් ඇසුරු කළ එවැනි අයගෙනුයි. 
ඒක මගේ පරම්පරාවෙ අයට ‍ලේසියෙන් නොලැබෙන අවස්ථාවක්. මම හැමදාම අප්ඩේට් වෙන්න කැමති කෙනෙක්. 
අපි ජීවිතේ විශ්වාස කරන දේවලුත් එක්ක කලින් පරම්පරාවල අය එක්ක ලස්සන සංවාදයක් කරගෙන (sharing) ඉන්න එක මටත් සතුටක්. 

අවසාන වශයෙන් කියන්න කසුන් කල්හාර කළු පාටට මේ තරම් කැමති ඇයි?

(සිනාසෙමින්) විචිත්‍රව පේන්න අකමැති නිසයි. කළුවලට කැමති. හැම සුදුපාට බැටලු රංචුවකටම එක කළුපාට බැටළුවෙක් ඉන්නව කියල කියනවනෙ.

ආනන්ද පද්මසිරි
උපුටා ගැනිම ලංකාදීප

Sunday, August 25, 2013

මගෙ අම්මව මට මඟහැරුණා...

ඒ දුක මේ ආත්මයේදී ගෙවන්න බැහැ
උපුල් ශාන්ත සන්නස්ගල
උපුල් ශාන්ත සන්නස්ගල මේ රටේ ජනප්‍රිය උසස් පෙළ සිංහල ගුරුවරයකු බව අවිවාදිත කරුණකි.
 එසේම විදග්ධ සංස්කෘතිය යනු කුමක්දැයි යන විනිශ්චයේ දී බොහෝ කොට බැණුම් අසන ලද්දෙකි.
මුල් කාලයේ අතිශය දරිද්‍රතාවෙන් පෙළුණු සන්නස්ගල කොළොම්තොට පාදඩයන් අතරේ ද කලක් ජීවත් විය. ලෝකය හා ජීවිතය වඩාත් සුන්දර තැනක් කිරීම අරබයා අදත් වැර වෑයමක යෙදෙන ඔහු තම මෑණියන් පිළිබඳ ‘මතකය’ මෙසේ අව්‍යාජව හෙළිකරයි. අපි සරල කටවහරින් කැරෙන මෙබසට ඇහුම්කන් දෙමු.
මම අදත් විශ්වාස කරනවා මගේ ජීවිතය නිර්මාණය කෙළේ ආදරය සහ කුසගින්න කියලා. හරියට වම් අත යි, දකුණු අතයි වගේ. ‘මැක්සිම් ගෝර්කි’ කියලා තියෙනවා ‘ලොව සියල්ල නිර්මාණය වන්නේ මවගේ කිරිවලින් සහ හිරුගේ රැස්වලිනි’ කියලා. ඒ වගේ මගේ ජීවිතේ නිර්මාණය කරන්නෙ ආදරය සහ කුසගින්න.
අම්මා පිළිබඳව මට මුලින්ම මතක් වෙන්නෙ, අපි ඔක්කො ම අම්මගෙ චීත්තෙ පොරවගෙන රෑට නිදාගන්න එක. අපේ පැත්ත සීතලයි. අපේ නිවෙස්වල පොරවන්න රෙදි තිබුණෙ නෑ. ඒ නිසා අම්මගේ චීත්තයට පොරකනවා ඒක පොරවගන්න. අපේ පවුලේ දහදෙනයි. අම්මගෙ උණුසුම දැනෙන නිසා සුවඳ දැනෙන නිසා ඒක ලබාගන්න අපි පොර කනවා.
මට පස්සෙ කාලේ අවබෝධ වුණා අම්මගෙ චීත්තය කියන්නෙ බොහෝ ම සුවඳ වස්ත්‍රයක් නෙමෙයි කියලා. ඒ වගේම අම්මගෙ සුවඳ කියලා අපි කියන්නෙ අම්මගෙ සොටු, දහදිය, උයලා පිහලා ඉඳුල් දැලි ගෑවුණ සුවඳට. අපි එතකොට ආදරෙයෙන් වැලඳගෙන තියෙන්නෙ අම්මගෙ වේදනාව. අම්මගේ චීත්තය එයින් අපිට අම්මගෙ සුවඳ දැනෙනවා.
මම උපන් දා ඉඳන් අම්මගේ ආදරය මට ලැබුණා. මම උපදින කොට අපේ අම්මට 48යි. මම පවුලේ 11 වැනියා. අවු. 6දී මම පාසල් ගිහින් ආවා ම මම මව්කිරි බිව්වා. මට තවම හොඳට මතකයි ගමේ ගෑනියෙක් කිව්වා “ඕකෙ කොහොඹ ගාපං කියලා” ඒ මම හැමතිස්සෙම අම්මගෙ තනය උරන නිසා. මම තනයෙ එල්ලිලා මව්කිරි බිව්වට අපේ අම්මගෙ තනයේ මට දෙන්න මව්කිරි තිබිලා නෑ.
ඒ නිසා අම්මා කරන්නෙ කහට කෝප්පයක් හදාගෙන තියන් කහට බිංදු ඇඟිල්ලට අරන් මගෙ කටේ තියන එක. ඒ මගේ බඩගිනි නිවන්න. කිරි නැති වෙන්න හේතුව අපේ පවුලෙ 10 දෙනෙක්. මම 11 වැනියා. මට අවු.12 වෙනකොට අම්මට 60ක් විතර. මට මතකයි ඉස්සර අම්ම ඉස්කෝලෙට එනකොට යාළුවො කියනවා Qමේ එන්නෙ උඹෙ අම්ම නෙවෙයි ආච්චි’ කියලා. නිකං හරි උර උර ඉන්න අම්ම තනය දුන්න එකෙන් මා අදහස් කරන්නේ අම්ම මට තිබුණු ආදරේ තරම.
අප්පච්චි ගොවියෙක් වුණත් අපි දරිද්‍රතාවේ පතුළට ම ගියා. මට තවමත් හොඳට දැනෙනවා මැටි මුට්ටියේ බත ඉදෙන සුවඳ. තියෙන අප්‍රමාණ කුසගින්න නිසා ලුණු ටිකක් ඉහලා ඉක්මනට බත් කනවා.
මිනිස්සු ලුණුයි බතුයි කන්නෙ හීල් බත් එක්ක නෙමෙයි. උණු බත් එක්ක. දැඩි ම කුසගින්න නිසා ලුණුයි බතුයි කෑවා. දුප්පත් මිනිස්සු ලුණුයි බතුයි කනවා කියන කතාව ඇත්ත.
අපේ පවුලෙ පිරිමි 05යි. ගැහැනු 05යි. දුප්පත්කම කොච්චර වුණත් අම්මා කතරගම දෙවියන්ට ගිහින් බාර වුණාලු ඊළඟ එකා පුතෙක් වෙන්න කියලා. දරුවො සමාන වෙන්න.
ඊළඟට මට තියෙන මතකය චූටි කුස්සියේ අපි දහදෙනා පෝළිමට වාඩි වෙනවා. කෑම කන්න. අපි කන්නෙ බෙලෙක් පිඟන්වල. එක එක්කෙනාගෙ පිඟන් එක එක තරමෙ. ලොකු අයියට ගොඩක් කන්න ඕනෙ. මොකද ඌ කුඹුරෙ යනවා.
මහන්සි වෙන නිසා. ඒගොල්ලන්ගෙ පිඟාන ගැඹුරුයි. අම්මා මුලින් ම බෙදන්නෙ අප්පච්චිට. ඊට පස්සෙ අපිට. පිඟන් අඩු වුණා ම අක්කලා කන්නෙ මඩක්කුවේ. (අඩි වළඳේ) හැමෝට ම බෙදලා අම්මා කවදාවත් බෙදාගන්නෙ නෑ. අපි 10 හරි 8 හරි ඉන්න අය කනතුරු අපේ අම්මා බත් බෙදාගන්නෙ නෑ.
අපි බත් ටික මුලින් ම වේගෙන් කාලා අන්තිමට ඇටේ ඇටේ කනවා. අපි දෙවෙනි පාර කන්න ආස වුණත් බෙදා ගන්නෙ නැත්තෙ අපෙ අම්ම කෑවෙ නැති නිසා. අම්මට කන්න තරම් බත් මුට්ටියේ තියෙනවද කියලා දන්නෙ නැති නිසා. එතකොට අම්මා දන්නවා අපි නොකා ඉන්නෙ අම්මට නැති නිසා කියලා. අන්න ඒ වෙලාවට බත් මුට්ටිය පෙන්නලා අම්මා ලස්සන වචනයක් කියනවා.
”මට තියෙනවා මයෙ පුතේ, උඹලා තව චුට්ටක් කාපං” කියලා.
දැන් අප්‍රමාණව අම්මට තියෙන ආදරය වැඩිවෙනවා. බඩගින්න ජීවිතය උගන්වනවා. අන්න එහෙම තමයි කුසගින්න එක්ක ආදරේ ගොඩනැඟෙන්නේ.
රෑට හිල්වෙච්ච ටකරං අස්සෙන් එළිය වැටෙනවා ‘ටෝච්’ එක ගැහුවා වාගේ ගොම පොළොවට. අපි අඟුරු කෑලි අරන් ඒවා රවුම් කරනවා. එතකොට ටික වෙලාවක් ගියා ම ගොම පොළොවෙ ලස්සන රටාවක් මැවෙනවා. අපිට බිම අඳින්න අඟුරු කෑල්ල දෙන්නෙ අම්මා. අම්මට අකුරක්වත් බෑ.
මෙහෙම යනකොට ශිෂ්‍යත්වේ පාස්වෙනවා මම. යහළබැද්ද කනිටු විදුහලින්. ඒ කාලයේ මගේ ශිෂ්‍යත්ව පන්තියේ ගුරුවරු වුණේ කරුණාරත්න ගුරුතුමා සහ මල්ලිකා දාබරේ ගුරුතුමිය. ඈ දැන් වත්තල පැත්තේ ඉන්නවා.
මම හපුතලේ නගරයේ. ගම යහළබැද්ද. අම්මගේ නම පුංචි මැණිකා.
දරුවෙක්ට තියෙන ලොකු ම ආසාව තමයි තමාව අගය කිරීම. හැබැයි ජප්පත් අකුරු නූගත් දෙමව්පියෝ දරුවා රටේ නායකයා වුණත් ඇත්තද බොල? කියලා අහයි. ඉතින්, ශිෂ්‍යත්වෙ පාස් වුණාම අම්මා මාව අගය කළා.
ගෙවල් ගාව හිටියා මනි අම්මා කියලා ගෑනියෙක්. ඒ කාලේ එයා බිත්තර විකිණුවා. බිත්තරයක් සත හතළිහයි. ඒ කාලේ බිත්තර හරියට අධිනිශ්චය වෙලා තිබ්බේ. අපේ අම්මා එක බිත්තරයක් ගෙනල්ලා තම්බලා බත් එකේ හංගලා මට දීලා කියනවා
”පුතේ, ඕක අයිනට ගිහින් කාපං” කියලා. ශිෂ්‍යත්වෙ පාස්වීම නිසාත්, මම පවුලේ බඩපිස්සා නිසාත් ඒ බිත්තරේ මට ලැබුණා වෙන්න පුළුවන්. අම්මා අනිත් අයටත් බිත්තර අරන් දෙන්න පුළුවන් නම් අරන් දෙනවා. ඒත් දුප්පත්කම ඒ සියල්ල මඬිනවා. අනික මට පොඩි කාලේ මන්දපෝෂණය හැදුණා. මම පස්ස පැත්තෙන් ගියා කියලා තමයි කට්ටිය කිව්වෙ.
ගමේ කට්ටිය කිව්වෙ ඔළුව ලොකු කොල්ලා කියලා. ගමේ එවුන් එහෙම කිව්වෙ මට මන්දපෝෂණය හැදුණා ම ඔළුව ලොකුªවෙලා ඇඟ පුංචි වුණ නිසා. ඒ කාලේ මට ඇවිදින්න බැරි නිසා මාව කරත්තයක දාගෙන තල්ලු කරගෙන ගියේ ජයන්ත කුමාර බන්දුලාච්චි කියන මගේ යාළුවා. දැන් හලාවත නල්ලදරංකට්ටුවේ පදිංචි වෙලා ඉන්නේ. මට ඒ යාළුවා දවසක් මුණගැහුණ ම කියනවා,
”උපුල් ඔයාට පොඩි කාලේ මන්ද පෝෂණයනේ. මම තමයි ඔයාව කරත්තෙ තියාගෙන තල්ලු කරන් ගියේ” කියලා.
ඒ නිසා අම්මා බත් එකේ හංගලා බිත්තරයක් දෙන එක ඇතුළේ ‘පෝෂණය මදි’ කියන අර්ථයත් තියෙනවා. අම්මා මෙතැන දී ආදරය, මාතෘත්වය, අගය කිරීම උගන්වනවා.
උඩරට පළාත්වල සිරික් තියෙනවා සාමාන්‍යයෙන් කෝඩුකාරයෝ සිරීපාදේ නැඟල ආවාම උණු කැවුමක් හදාගෙන
”මයෙ අප්පා, කිරි කෝඩු කකුල්වලින් මහගිරිදඹේ නැංගද”
කිය කියා උණු කැවුමෙන් කකුල් තවනවා. ඒක අපේ අම්මා මටත් වෙනත් විදියකට කළා. අපෙ අම්මා මම ශිෂ්‍යත්වෙ පාස් වුණා ම පොඩි කැවුමක් හදාගෙන මගෙ අත් දෙකම තවන ගමන් අම්මා කියනවා;
”පුතේ, උඹ විභාගයක් පාස් ලු. මයෙ අප්පට කෝටියක් දේවල් ලියන්න ශක්තිය ලැබෙන්න ඕන. මහ මුහුද ගොඩ ගලනවා වාගේ සම්පත් ලැබෙන්න ඕක.”
කිලා අම්මා සිරීපාදේ ගිය එකෙක්ගෙ කකුල් තවන විදියට මගෙ අත් දෙකම තවනවා.
ඒ දවස්වල ඇතිවෙනවා මහා දුර්භික්ෂයක්. වර්ෂ වශයෙන් කිව්වොත් මට අවු.09දී විතර. 73 විතර. විශාල දුර්භික්ෂයක්. මේ ගැන මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතාගේ ‘සිංහල සාහිත්‍ය වංශය’ කියන පොතේ විශාල වශයෙන් දක්වල තිබ්බා. නමුත්, පසුකාලීනව දේශපාලන ආදී වූ විවිධ බලපෑම් නිසා ඒක ඉවත් කළා.
මේ දුර්භික්ෂයේ තරම කොයිතරම් ද කිව්වොත් පාන් කෑල්ලක් ගන්න පෝලිම්වල හිටපු මිනිස්සු ඇදගෙන වැටුණා. ඒ තරම් කුසගින්න. අපේ ගම්වල මිනිස්සු හබරල අල තම්බලා කෑවා. කෙසෙල්බඩ තම්බලා කෑවා බඩගින්නට. මේ කාලේ අපි දවස් 02ක් 03ක් විතර බඩගින්නෙ හිටියා.
මේ කාලේ අපි අක්කලා එක්ක ගිහින් එහා පැත්තෙ වත්තෙ වැවිලා තිබ්බා ‘බුත්සරණ’ කියලා අල ජාතියක්. මේ බුත්සරණ අල තම්බලා කෑවා. මේවා ගොඩක් කෑවම මත්වෙනව. මම අදටත් ආසාවට කන්න මේ පැළ ටිකක් හිටවගෙන තියෙනවා. මේ දවස්වල අපි වේල් 10,15 ඉරිඟු තම්බලා කෑවා.
එක දවසක් උදේක තුවායක් කරේ දාගෙන අම්මා උදේ 6ට 6.30ට විතර හපුතලේ කන්ද මුදුනෙන් ඉර පායනකොටම වගේ ගෙදරින් පිටත් වෙලා යනවා. ළමයින්ට කන්න දෙන්න කෑම හොයන්න.
අපි අඳුර වැටෙනකං බලන් හිටියා. අම්මා ආවෙ නෑ. රෑ 7.30ට 8ට විතර හපුතලේ කෝච්චිය හූවක් කියාගෙන පහළට බහිනවා ඇහෙනවා. ඒක තමයි සංඥාව අපි වෙලාව දැනගන්න. අම්මා තවම නෑ. අපි ඇඬුවා. හපුතලේ පහුකරගෙන ඉදල්ගස්හින්න පැත්තට බඩු කෝච්චිය ගියා ම අපි දන්නවා දැන් මධ්‍යම රාත්‍රියට ළඟයි කියලා. ඒක මුළු ගමට ම සංඥාවක්.
ඊට පස්සෙ රෑ 12.00ට විතර අම්මා ආවා ගෙදර. අම්මා උදේ ඉඳන් හපුතලේ ගම, වෙලන්හින්න, පහළ කඳුරුගමුව, විහාර කැලේ, දියතලාව, හපුතලේ, තංගමලේ කියන මේ හැම තැනකම ගෙවල් ගානේ ගිහින් ළමයින්ට කන්න මොනවා හරි අරන් එන්න. හැතැප්ම 10 – 15ක් උදේ ඉඳන් ඇවිදලා අම්මා අරං ආවේ එක පිටි ගුලියක්.
ඒ ගෙදර රොටි හදන්න අනපු පිටි ගුලියක් අම්මා අරන් ආවා. අම්මට ඒ පිටි ගුලිය දීලා තියෙන්නෙ පොඩිහාමිනේ නැන්දා. ඉතින් අම්මා මේකෙන් රොටියක් හදලා දීලා හැමෝටම කෑල්ල කෑල්ල කන්න දීලා අපිව නිදි කෙරෙව්වා.
ඒ තරමට මහා දුර්භික්ෂයක් තිබුණ කාලයක් ඒ.
ඊට පස්සෙ මට අම්මා ගැන කම්පාවෙන දවසක් එනකොට මම කැම්පස් එකේ දෙවන වසරේ. නිවාඩුවට ගමේ ගිය කාලෙක. ඒ දවස්වල ඉතින් ගමේ කොල්ලොත් එක්ක රස්තියාදු ගහලා, කෙල්ලො බලන්න ගිහිල්ලා, චිත්‍රපටි බලලා ඇවිල්ලා නිදාගන්නවා. ඒ කාලෙ හරියට සිගරට් බොනවා. මේ කාලේ මහ තක්කඩි කාලයක් විදියට මම දකින්නේ. ඉතින් මෙහෙම ගිහිල්ලා ඇවිත් නිදාගත්තම උදේට නැගිටින්න පරක්කු වෙනවා.
තරුණ වයසනේ. ඉතින් එක දවසක් උදේ නැගිටිනකොට හොඳට ම පරක්කුවෙලා චිත්‍රපටිය බලන්න යන්න. ඒ කාලේ රීගල් ශාලාවෙ තමයි අපි චිත්‍රපටි බලන්න ගියේ. ඒ නිසා ඉක්මනට මුහුණකට හෝදගෙන බැලුවා කන්න මොනවද තියෙන්නෙ කියලා. රොටියක් තිබ්බා. දඩබඩ ගාලා රොටිය කාල ඇඳගෙන මිදුලට බහිනකොට අම්මා වත්තෙ තේ දළු කඩ කඩ හිටියෙ. (වත්තෙ කිව්වෙ අපේ ගේ ඉස්සරහ වවලා තිබ්බ තේ පාත්ති කිහිපයේ) මම එළියට බහිනකොට ම අම්මා ඈත ඉඳන් කෑ ගහලා මට කියනවා;
”මයෙ පුතේ, කුස්සියේ රොටියක් හදලා ඇති. මටත් කෑල්ලක් තියලා කාපං මයෙ අප්පා” කියලා.
අම්මා මේක කියනකොට මම මුළු රොටියම කාලා ඉවරයි.
දැන් අර සුගතපාල ද සිල්වා ගේ ‘මරාසාද්’ නාට්‍යයේ කියනවා වාගේ තමන්ගෙ ම කෙස් වල්ලෙන් තමන්ව ම අල්ලන් කණපිට ගහනවා වාගේ හැඟීමක් ඇතිවුණා. මම මොහොතක්වත් ගෙදර හිටියෙ නෑ. ඒ වෙලොවෙ ම ගියා චිත්‍රපටිය බලන්න.
දැන් මට මගේ බඩවැල් ටික අල්ලලා වමාරන්න තරමෙ ශක්තියක් ඇතිවුණා. ඇයි? අම්මට නොතියා මුළු රොටියම මම කෑවට.
මිනිස්සු ස්වයං දඬුවම් දී ගන්නවනේ. මමත් එදා දවල්, රෑ, පහුවදා උදේ දවල්, රෑ කෑවේ නෑ. මම කුසගින්නේ සිටිය හැකි ප්‍රමාණය කොතරම් ද මම එතරම් හිටියා අර වරදට වන්දි ගෙවන්න. ඒක තක්කඩි රොටි කෑමක් විදියට මට පෙනෙන්නෙ.
පහෙන් පස්සෙ මම ජනානන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ කරනවා. ඊට පස්සෙ මම ගෙදරින් පැනලා යනවා. ඊට පස්සෙ තමයි මම තර්ස්ටන් යන්නෙ.
පිංපියොත් එක්ක, ගණිකාවෝ එක්ක, කුඩුකාරයො, ගංජා කාරයෝ, රස්තියාදුකාරයෝ, සමලිංගිකයෝ, තක්කඩියොත් එක්ක හිටපු එකේ ප්‍රතිඵලය තමයි මම කොළඹ සරසවියට යන්නෙ. ඒ කාලෙ මං ගාලු මුවදොර පිටියේ බණ්ඩාරනායක ප්‍රතිමාව යට නිදාගත් දවස් තියෙනවා.
කෝච්චි පෙට්ටිවල නිදාගත්තා. තර්ස්ටන් වලට එන්නේ විවිධ උපක්‍රම යොදලා. ඒක හෙළි කරන්න බෑ. තර්ස්ටන් එකේ යාළුවො ඒක දන්නවා. ඒ වගේ ම මා ගාව තියෙන සහතික මිටියත් ඒකට සාක්ෂි.
ඒ කාලේ (කොළඹ ඉන්න කාලේ) මම වියදමට සල්ලි හොයාගත්තෙ ගල්කිස්සෙ බෞද්ධ බාලිකාව ළඟ තිබ්බ පොළේ ඉරිදා සෙනසුරාදා ක්‍රෝටන් වගේ පැළ විකුණලා. තර්ස්ටන් එකේ ඉන්නකොට මගේ කෑම බිල ගෙව්වෙ දැන් ඇමෙරිකාවෙ ඉන්න මගෙ යාළුවා.
පියල් සසංක තවම බත්තරමුල්ලේ ඉන්න ගිහාන් ශ්‍රීනාත් අල්විස් මගේ යාළුවෝ තමයි ඒ කාලේ මගේ රැකවරණ යාළුවෝ. එතකොට බ්‍රිගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ, මේජර් සමුදය, මහේන්ද්‍ර, මදන් මේ ඔක්කොම තර්ස්ටන් එකේ මගේ යාළුවෝ. තර්ස්ටන් එකේ්දී මගේ පෞරුෂය හැදුවෙ මේ යාළුවෝ.
මම විශ්වවිද්‍යාලෙට ගිහින් ලියනවා මගේ මුල් ම පොත ‘සරසවි දියණියෝ’. ඒක එළිදක්වන දවසෙ අම්මවයි, තාත්තවයි දෙන්නව ම මම කොළඹ එක්කන් එනවා. අම්මට අකුරක්වත් බෑ. අප්පච්චි අන්ධයි. ඉතින් මම මගේ මුල් ම පොතේ ‘පිදුම’ ලියන්නෙ අම්මටයි. අප්පච්චිටයි.
”දෑස නොපෙනෙනා හින්දා
මගේ පොතේ අකුරක්වත්
අප්පච්චී දකිනු කොයි ලෙසින්
අකුරු නොදන්නා හින්දා
අප්පච්චිට අහන් ඉන්න
අම්මා කියවන්නෙ කොයි ලෙසින්”
(සරසවි දියණියෝ පිදුම)
රංග කලංසූරිය තමයි මගෙ අම්මවයි අප්පච්චිවයි වේදිකාවට අරන් එන්නෙ. ඒ කාලේ රංග ආනන්දේ A/L ලියනවා.
අප්පච්චි ගැන මුල් කාලයේ මට තිබ්බෙ ද්වේෂයක්. අම්මා දුක් විඳින ස්වරූපය පෙනෙන්න පෙනෙන්න දරුවෙකුගෙ හිතේ තාත්තට තියෙන ආදරය නැතිවෙනවා. වෛරයක් ඇතිවෙනවා. මට මගේ ජීවිතේ අපේ අප්පච්චි අවස්ථා දෙක තුනකදී හැර පැන්සලක් පෑනක් අරන් දුන්න කෙනෙක් නෙවෙයි. අම්මාගේ දුක් විඳින ස්වරූපය වැඩිවෙන්න වැඩිවෙන්න තාත්තා ගැන තියෙන වෛරය වැඩිවෙනවා. ඒක සාමාන්‍යයි.
මගේ අප්පච්චිට ඇස් දෙක පේන්නෙ නෑ කිව්වම මම එයාව නයනාරෝග්‍ය ශාලාවට ගේනවා කොළඹ. මම හැමදා ම යුනිෆෝම් එක ගහගෙන යනවා අප්පච්චි බලන්න. අප්පච්චිට වෙන ම ඇඳක් තිබුණෙ නෑ. ඇස්වාට්ටුවේ වැසිකිළිය ගාව පැදුරක් දාගෙන අප්පච්චි නිදි. මම යුනිෆෝම් ඇඳලා යන නිසා ඩොක්ටර් එක දවසක් මට කතා කරලා කියනවා;
පුතා, ඔයාගෙ තාත්තගෙ ඇස්වල ස්නායු මැරිලා තියෙන්නෙ. ලෝකෙ කොහේ රටක ගියත් මේක හොඳ කරන්න බෑ. මෙතනින් එහාට අප්පච්චිව හොඳින් බලාගන්න.”
ඊට පස්සෙ ඒ දෙන්නා ජීවතුන් අතර ඉන්නා තාක් කල් මම ඒ දෙන්නව කොළඹ ගෙනල්ලා තියෙනවා මගේ හැම පොතක් ම එළිදක්වද්දි.
අප්පච්චි බුද්ධි ගෝචර චරිතයක්. අම්මා භාව ගෝචර චරිතයක්.
ඊට පස්සෙ කාලෙදි, අවුරුදු පහක විතර කාලයක් මට අම්මව මගහැරෙනවා. ඒ නගරෙ ඇතුළෙ මම තනිවෙච්ච කාලයේ. ඕන ම කෙනෙකුට අම්මව මඟහැරෙන කාලයක් තියෙනවා. ඒක සාමාන්‍යයි. ඇත්තට ම මේ මගහැරීම එන්නෙ කාර්ය බහුල ජීවිතෙත් එක්ක. ගෙවල් හදන්න පටන් අරන්, ආර්ථිකය ගොඩනඟාගන්න කාලයේ දී මට අම්මව මග හැරෙනවා. හැබැයි ඒක අමතක වීම නෙමෙයි. මග හැරීමක්. ‘ලතා මංගේශ්කාර්’ කියනවනේ ‘කසාද බඳින්න අමතක වුණා’ කියලා. ඒ නිසා අතිශය කාර්ය බහුලත්වය කාලකණ්ණි මගහැරීමක් කරනවා.
මේ කාලය ගැන මම කාරණා 2ක් මතක් කරන්න කැමැතියි.
1. මේ කාලයේ මත්තෙගොඩ ගෙදර හදන කොට අම්මටයි, අප්පච්චිටයි වෙන වෙන ම කාමර 2ක් හදනවා. මං ගාව ගෙනැල්ලා තියාගන්න. තවමත් මගේ ගෙදර ඒ කාමර දෙක තියෙනවා.
2. අම්මාට තරම් ම මම අදත් ගරු කරනවා බිබිලේ ඉන්න මගෙ ප්‍රේමා අක්කාට. එයා විවාහ වෙලා ඉන්නෙ ඇන්ටන් කෲස් මරියදාස කියන ද්‍රවිඩ වෛද්‍යවරයෙක් එක්ක. අක්කට මම ණයගැති වෙන්න හේතුව මගේ ඇල්ම බැල්ම තියෙන කාලයේ නෙමෙයි මට අම්මව මගහැරුණු කාලයේ අම්මව හොඳින් බලාගත්ත එක ගැන.
ඒ මඟහැරුණු කාලයේ ඒ කිව්වෙ අක්කා ගාව අම්මා හිටිය කාලේ හිටපු ගමන් අම්මා කඳුළක් හලල කියනවලු
”මට පොඩි එකා බලන්න යන්න ඕන” කියල.
අම්මා ගැන කියනකොට මට මතක් වෙන අනෙක් ලස්සන ම සිද්ධිය තමයි පොඩි කාලේ අපේ අම්මා අක්කලාටයි අයියලාටයි උගන්වන්න අම්මගෙ සාරි විකුණලා තියෙනවා. කුලී වැඩ කරලා තියෙනවා. කරාබු, මාල විකුණලා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා මම උපදිද්දී අම්මා කණකර ආයිත්තම් කිසිවක් නැති ගැහැනියක්. ඒ නිසා අම්මා හරි ආසාවෙන් හිටියා ‘අගස්ති මාලයක්’ පළඳින්න.
අම්මා කියනවා ‘පොඩි එකා කවදහරි ඉගෙනගෙන මට අගස්ති මාලයක් ගෙනැල්ලා දෙයි’ කියලා.
අගස්ති මාලය තමයි අම්මාගේ හිතේ අධිනිශ්චය වෙලා තිබුණේ. ඒ තුළ තිබුණේ අගස්ති මාලයක් ලබාගැනීම ම නෙමෙයි. ඌ හොඳට ඉගෙන ගනියි කියලා. අගස්ති මාලය තුළ මේ පැනනඟින්නේ අම්මා තුළ මා ගැන තිබූ විශ්වාසය. අනික අම්මා බලාපොරොත්තුවෙන් හිටියා කවදාහරි දඹදිව යන්න.
බිබිලේ අක්කා බැන්දේ කතෝලිකයෙක්. ඒ නිසා එයා නත්තලට වෑන් එකේ කොළඹ එනවා පල්ලියට. මේ ගමන් අම්මයි අක්කයි අයියයි අපේ ගෙදර එන නිසා මමත් ලෑස්ති වුණා අම්මට සැපදෙන්න. කට්ටිය දැන් කෙසෙල් කැන් අරගෙන මුං ඇට කැවුම් අරගෙන ආස්මී, කැවුම් අරගෙන එන්න ලෑස්තිය.
බිබිලේ අය මෙහේ එද්දි බිබිලේ ගේ බලාගන්න කවුරුත් නැති නිසා හපුතලේ කට්ටිය බිබිලෙ ගෙදරට එනවා ගේ බලාගන්න කියලා. වෑන් එකේ මෝටරේ බුෂ් ගිහින් කියලා අක්කයි අයියයි ගරාජයට ගිහින් තියෙනවා වාහනෙත් අරන් බුෂ් එක හදන් එන්න කියලා.
මේ නිසා හිටපු අනිත් අය අම්මට විහිළු කළා
”හූ, හූ, අපි කිව්වනේ අම්මව එක්කන් යන්නෙ නෑ කියලා. ඒ දෙන්නා තනියම ගියා.”
අම්මා හෙමිහිට නැගිටලා අතගගා ගිහිල්ලා බැලුවා. පහල වාහනේ නෑ. එකපාරටම අම්මගෙ මොළයේ නහරයක් පිපිරුවා.
එදා මම මහනුවර පන්ති. කැප්පෙටිපොළ ශාලාවේ. මම පන්ති ඉවර වෙලා පේරාදෙණියෙ මල්වත්ත පහුකරනවත් එක්ක ම මට දුරකතන ඇමතුමක් ලැබෙනවා. අම්මට අසනීප වෙලා ඉස්පිරිතාලෙට ඇතුළු කළා කියලා. අසනීප වුණා කියපු ගමන් ම අවිඥානිකව මගේ හිතේ ඇතිවෙනවා අම්මා මැරුණා කියලා. මම ඒ වෙලාවෙම වාහනේ හරවගෙන බිබිලෙ යනවා. දහඅට වංගු පැනලා බිබිලෙට යද්දී එදා මධ්‍යම රාත්‍රිය විතර වෙනවා.
මම ගෙදර ගියා ම මම කිව්වා මට අම්මව බලන්න ඕන කියලා. කට්ටිය කිව්වා බෑ දැන් යන්න වෙන්නෙ නෑ හෙට උදේ තමයි ආයෙ ලෙඩ්ඩු බලන්න පුළුවන් කියලා. මම කොහොම හරි අම්මව බලනවයි කියලා හිතාගෙන තව දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක ඉස්පිරිතාලෙ තාප්පෙන් පැනලා ගියා වාට්ටුවට අම්මව බලන්න. ඒ වෙද්දි අම්මා හුස්ම ගන්නවා පේන්නේ නෑ. ඇස් වැහිලා. ඇඟ හොඳටෝම සීතල වෙලා. බෙහෙත් පොවන්නත් බෑ. හැබැයි හෘද ස්පන්දනය වැඩ කරනවා. අම්මා මැරුණේ නැති මළ මිනියක් වෙලා.
අනික් අය වටවෙලා ‘අම්මා’ ‘අම්මා’ කියලා කෑ ගහනවා. ඒත් අම්මා ඇස් ඇරලා බැලුවෙ නෑ. මම හෙමිහිට අම්මා ළඟට ගිහිල්ලා ‘අම්මා, අම්මා’ කියලා දෙපාරයි කතාකෙරුවෙ. අම්මගේ හෘද ස්පන්දනය එක පාර ම වැඩිවුණා. අම්මා හෙමින් සැරේ ඇස් ඇරලා යන්තම් අත උස්සලා මගේ අත අල්ල ගත්ත. මෘත දේහවලටත් දරුපෙම නිසා පණ එනව‘යි කියන කතාවත් ඇත්ත.
1997.12.26 දා ඒ කියන්නෙ ඊට පස්සෙ දවසෙ අම්මා මැරෙනවා. ඒ වෙද්දි අම්මට වයස අවුරුදු 81යි. අම්මට උප්පැන්නයක් නැති නිසා මං ඉපැදුණු වසරෙදි අම්මට 48යි කියන මතකයෙන් තමයි වයස හැදුවෙ.
අම්මව වළේ දානකං මම ගියේ නෑ අම්මගේ මෘත දේහය බලන්න. කොටින්ම කිව්වොත් මම අම්මගේ මෘත දේහය බලන්න ආසවුණේ නෑ. අම්මා පවුලේ වැඩිපුර ම ආදරේ මට කියන එක මම තහවුරු කරගත්තා අම්මා මැරෙන්න මොහොතකට පෙර හරි. මම කැමැති වුණේ නෑ අඬලා දුක්වෙලා ඒ මතකය නැතිකර ගන්න. ඒ නිසා මම අම්මගේ මෘත දේහය බැලුවෙ නෑ.
අම්මාට තාත්තාට ණය ගෙවන ක්‍රම තියෙනවා.
1. මානසික ලෙස
2. භෞතික ලෙස
මම මානසික ණය ගෙව්වා. ශිෂ්‍යත්වය පාස් වුණා. පොත් ලිව්වා. ‘සන්නස්ගල’ කියලා පත්තරේක තිබ්බත් ඒ මගේ පුතා කියලා සතුටු වෙන්න, ආඩම්බර වෙන්න පුළුවන්කම ඇති කළා. නමුත්, මට භෞතික ණය ගෙවන්න බැරිවුණා.
අම්මට අගස්ති මාලයක් අරන් දෙන්න මට බැරිවුණා. අම්මට අඳින්න සාරි ගෙනැත් දෙන්න අම්මව දඹදිව එක්ක යන්න මට බැරිවුණා. ඊට පස්සෙ කාලෙක මම ඉන්දියාවෙ ගියාම අගස්ති මාල 50ක් බෙදුවා. සාරි බෙදුවා. 2007 ජනානන්ද පිංකමේ දී ගමේ ගෑනුන්ට සාරි දුන්නා.
දෙමාපියො මැරුණම දරුවො පශ්චාත්තාප වෙන්නෙ අර මගහැරුණු කාලෙ ගැන විතරයි. අපි කිසිවිටෙක හිතන්නෙ නෑ අම්ම තාත්තා දැන් මැරෙයි කියලා. මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න එපා ඒ මොහොතෙදි අම්මා තාත්තා මැරේවි.
එතකොට තමයි හිතෙන්නෙ ‘ෂඞ මට මොකුත් කරන්න බැරිවුණානේ’ කියලා ඒ නිසා මගේ මේ ජීවන අත්දැකීම ගැන යම් කෙනෙක් හරි හිතනව නම් මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න, මඟහරින්න එපා කියලයි කියන්න තියෙන්නෙ.
ආදරය, සෙනෙහස වගේ දේවල් කිසිවිටෙක මඟහරින්න එපා. ආදරය මඟහැරුනම මරණය ළං වෙනවා. ආදරය අපිව දාලා යනවා. මගේ පපුව තවමත් කැක්කුම තියෙන්නේ අම්මව මට මඟහැරුණ නිසා. ඒක මේ ආත්මයේ ගෙවලා ඉවර කරන්න බෑ.
සටහන - උපාලි සමරසිංහ
උපුටා ගැනිම සිලුමිණ
ATT00156.gif
ATT00159.gif
ATT00162.gif
 

Sunday, August 18, 2013


wïud ke;s f.or orejkag ksis /ljrKh we;af;a u keye

 

wfma ujqjre /lshd fidhd úfoaY.; fjkakg mgka .;af;a óg wjqreÿ ;sylg muK fmr isgh' úfYaIfhka ueofmrÈ. /lshd i|yd .sfha ke;' újD; wd¾:slh;a iuÛ .=K hym;alïj,g jvd uqo,g uq,a;ek ,enqKs'

ir, Ôjk rgdjlg yqreù isá iudch nyq NdKaäl iudchla njg m;ajqKs' ujqmsh ¥ orejka w;r jQ ne£u áflka ál ÿria jqKs' ;uka iuÛ Ôj;ajk Okj;a wi,ajeishka wkqlrKh lrñka ;ukaf.a;a j;a fmdfydi;alï m%o¾Ykh lsÍfï wjYH;djla iudcfha ks¾udKh jqKs'

.Dy uQ,slhd f,i mjq,g Ok OdkH Wmhd ÿka mshd yd lrg lr uqo,a Wmhkakg fndfyda ujqjrekg isÿúh' tfyhska rg /lshdjg wfma ujqjre mqreÿ jqfKa Bg úl,amhla f,ih'

ta ,iaikg f.hla fodrla idodf.k" hdk jdyk we;sj Ôj;a ùfï n,dfmdfrd;a;=fjks' tfia;a ke;skï ;uka ÿla ú| fyda orejka f.a Ôú; iemj;a lrùfï wruqfKks' Tjqkag fyd| wOHdmkhla §fï wruqfKks'

tjeks m%d¾:kdjka lsisúfgl je/È fkdfõ' tfy;a n,dfmdfrd;a;= fmdÈ n¢ñka" fndfyda foa ysñlr .ekSfï wáfhka /lshd fidhd fkdrg hk wïudjre wdmiq furgg tkafka fndfyda foa ysñ lrf.k fkdj wysñ lrf.kh' th jpkfhka úia;r l< fkd yels fÄojdplhls' ‍


ksÜgUqj idßmq;a;

cd;sl wOHdmk mSGdêm;s

fldg.u jdÑiair ysñ

wOHdmkfhka fuka u j;a fmdfydi;alñka o È<s÷ ujqjre fndfydaúg f;dard .kafka ueo fmrÈ.h' .Dy fiaúldjla f,i jvd;a myiqfjka hd yelsjkafka tys muKla jk neúks'

uqo,a .ek muKla is;d hk ta .ufka nrm;< nj Tjqka jgyd .kafka fndfyda m%udojh' tjeks WodyrK wfma iudcfha ÿ,n ke;' ujla úfoaY .; jkafka ;u orejka f.a /ljrKh mshdg fyda ;u ujqmshkag ndr lrñks'

tfia;a ke;skï {d;shl=g fyda ióm;u ys;j;shlg ndr lrñks' mjqf,a úkdYh werfUkafka o t;eksks' tfy;a tys nrm;<lu weh fkdokakS h' ‍‍‍’wïud ke;s l, wmam ljr l,’ hehs .eñfhda lsh;s'

wïud ke;s f.or orejkag fndfydaúg mshdf.ka ksis /ljrKhla ,efnkafka ke;' wdorh" fifkyi" lreKdj fjkqjg Tjqkag ,efnkafka wvïf;aÜgïj,g uqyqK fokakgh'

ldhsl udkisl mSvdjkag f.dÿre ùugh' wdÉÑ wïudf.a" iShd f.a /ljrKh muKla orejkag lsis úfgl m%udKj;a fkdfõ' Tjqka .;ska fuka u is;ska o ÿn,h' wOHdmkfhka fuka u wfmalaIK uÜgñka o ÿ¾j,h'

orejkag iudcfhka úh yels .eyeg olskakg ;rï" Tjqka ksis wOHdmkhlg fhduq lrùug ;rï Yla;shla Tjqkag ke;' ueofmrÈ. fkdú¢kd ÿla ú¢ñka uj tjk uqo,a ksis mßyrKhlska orejka fjkqfjka úh meyeoï lrkakg Tjqkag wjfndaOhla ke;'

wi,ajeishka" ys; ñ;=rka ms<sn|j o wo iudcfha lsisÿ úYajdihla ;eìh fkdyelsh' ta idudkH iajNdjhhs' b¢ka fyd| krl fkdokakd" ksis uÛ fmkaùula ke;s orefjda o hdhq;= u. fkdoek w;rux fj;s'

oiudihla l=i fydjdf.k wfkalúO mSvd ú¢ñka fuf,dj ìys lrk orejkag ÿlla fkd§ yeu iem iïm;la u Wreu lr §u wïud flkl= f.a tlu m%d¾:kdjh' tfy;a ujla isyshg .; hq;= m%Odk lreKla ;sfí'

tkï orejka f.a Ôú;h iqÅ; uqÈ; lrkakg ndysr iem iïm;a muKla m%udKj;a fkdfõ' orejka f.a Ôú;hg uyd Yla;shla jkafka wïudf.a wiSñ; jQ wdorh fikyi ñi iqfLdamfNda.S Ôú;h fkdfõ'

wïud ;rï orejka rlsk fjk;a flfkla fuf,dj ke;' orejka f.a ys; y÷kk" yeisÍï wjfndaO lr.; yels flfkla ke;' ta ishÆ foa i|yd weh orejka iuÛ isáh hq;=h' wfkla w;g wms Ôj;a jkafka w;S;fha jeks ñksialu y÷kk iudchl fkdfõ'

wfma orejka ì,s .kakg ieriqKq ñksia fjiaj<d.;a wukqIHhka wm w;ru isà' wjia:dj ,o ieKska Tjqyq l%shd;aul fj;s' wïud ke;s orejka" /ljrKh wysñ orejka ks;e;ska u Tjqkag f.dÿre fõ'

.=jka úÿ,sfhka" rEmjdysksfhka" mqj;am;ska wmsg wo jeämqru jd¾;d jkafka o tjeks wm%ikak mqj;a h' fï ksid ujla ;u orejka iómfha u /‍fËñka Tjqka f.a Ôú;h f.dv kexùug W;aidy lrkq úkd wjqreÿ .Kka Tjqka ;kslr hdu kqiqÿiqh'

Ôj;a jkakg uqo,a wejeis nj ienEh' orejka iuÛu isáñka Ôú;fha ÿl ch .kakd fndfyda ujqjre fï iudcfha fldf;l=;a isà' ta orefjda o ujqmshka ú¢k ÿl oel ta mkakrh ,nñka" Tjqka f.a wdorh fifkyi ú¢ñka Ôú;h ch .kakg fjfyfi;s' ÿl y÷kk orefjda lsis Èfkl jerÈ u. fkdh;s'

wfkla w;g orejka .ek wiSñ; n,dfmdfrd;a;= we;sj úfoaY.; jk we;eï wïu,d wjqreÿ ;=k y;rlg miq furg tkafka o fndfyda foa wu;lj h' ;ukaf.a ieñhd yd orejka w;r jQ ne£u wehg wu;lh' we÷fuka me,÷fuka" l;dnfyka yeisÍfuka o fjkiah'

we;eïúg weh orejka f.a mshd o m%;slafIam lrkakSh' uj tk;=re orejka ljd fmdjd fmdaIKh lrñka /ljrKh ÿka we;eï mshjre o ta ksidu wmyiq;djg ,lafj;s' wඬonr l, flda,dy, o werfUkafka t;eksks'

bÈka ta jro o mshdgu mgjñka uj kej; úfoaY .; jkakSh' t;ek§ wirK jkafka orefjda u h' fï ksid fkdrg hkakg fmr ujla ish oyiajrla is;d n,d ;SrKhla .; hq;= jkafka tfyhsks' mjq,l id¾:l;ajh we;af;a uqo, u; fkdj fkdì÷Kq fifkyi u; nj weh jgyd .; hq;=h'

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrk
දික්‌කසාද සහ වංගෙඩි බද්ද

පිරිමියෙක්‌ සහ ගැහැනියක්‌ සරණ බන්ධනයට එළැඹෙද්දී විවාහ රෙජිස්‌ට්‍රාර් ඉදිරියේ මහා දිග වගන්තියක්‌ කියවමින් විශාල පොරොන්දුවක්‌ දෙයි.
කුඩා පිත්තල කුකුළා පහන සහ පැදුරු බාගයක්‌ පමණ විශාල විවාහ ලේකම් පොත තැබූ සුදු රෙද්දක්‌ එළන ලද මේසය වටේ රොක්‌වී සිටින සමීපතමයන් සහ සාක්‌ෂියට අත්සන් කරන දෙන්නාටද ඇසෙන අයුරින් රෙජිස්‌ට්‍රාර්වරයා කියන දෙයම ගිරවෙක්‌ මෙන් කියන මනාල ජෝඩු මෙන්ම තමන්ටවන් නෑසෙන අයුරින් තොල් පට පමණක්‌ සොළවමින් මෙම වගන්තිය කියවන මනාල ජෝඩුද මම අනන්තවත් දැක ඇත්තෙමි.

පල්ලියේ විවාහ වන කතෝලික ජෝඩුද තම දේවස්‌ථානය භාර පියතුමා හෝ දේවගැතිවරයා ඉදිරියේ ශුද්ධ බයිබලය මත අත් තබා ප්‍රකාශ කරන්නේ මේ පොරොන්දුවමය සාමාන්‍යයෙන් කිතුනුවන් විවාහ වන්නට පෙර මාස තුනක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ විවාහ ගිවිසගත් යුවල වෙත පාදිලිතුමා විසින් පාඩම් මාලාවක්‌ උගන්වන අතර එහි අන්තර්ගතය වන්නේ සාර්ථක යුග දිවියක්‌ පවත්වාගන්නේ කෙසේද යන්නයි.

අප විවාහ වී දැන් මද කළක්‌ ගතවී ඇති නිසා මෙම පොරොන්දු වගන්තිය වචනයෙන් වචනයට මට මතක නැති වුවත් එහි හරය වන්නේ කිසි දිනක තම සහකරු හෝ සහකාරිය හැර නොයන බවට දිවි හිමියෙන් පොරොන්දු වන බවයි.
මෙසේ පොරොන්දු වී පොතේ අත්සන් කළ සැනින් සමහරු විවිධ දේ කරති. මුදු මාරු කරති. තවත් අය කේක්‌ කපති. තව සමහරු ගී ගයා නටති. පුද පූජා පවත්වති. මධු විත තොල ගාති. රසමසවුලු බුදති. හිනාවෙති. ප්‍රීතිවෙති. එමෙන්ම රණ්‌ඩු සරුවල් වෙන ගහ මරා ගන්නා අයද සිටිති. එවැනි දේ ගැන පත්තර පිටුවක්‌ නොව පොත් ගණන් හෝ ලිවිය හැකි වුවද අද අපේ මාතෘකාව විවාහ වීම නොව ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක්‌ වන දික්‌කසාදය ගැන නිසා පොරොන්දු වගන්ති ගැන ලිවීම නවතා අදාල මාතෘකාවට බසිමි.

රන් රස සේ එකට වෙළී දිවෙන් දිවගාගෙන සිටින ජෝඩු හිටිහැටියේ වෙන් වී යයි. සමහරුන්ගේ දික්‌කසාදය සිදුවන්නේ ක්‍රම ක්‍රමයෙනි, සෙමෙනි. කොහොම කෙසේ සිදු වුණද දික්‌කසාදය යනු දුක ඇතිකරවන අනුමත කළ නොහැකි අවර ගණයේ කරුණක්‌ බව කිව හැකිය.

"අපේ ගෑනිට මාව රුස්‌සන්නේ නැහැ. මම ඇන්දත් වැරදියි, කෑවත් වැරදියි, ටෙලිවිෂන් එක බැලුවත් වැරදියි, එයාගේ දුක - සැප ඇහුවත් වැරදියි, අනේ මන්දන්නෙ නැහැ මහත්තයෝ මට දැන් මේ ජීවිතේ එපා වෙලයි තියෙන්නේ." වරක්‌ මා හමුවට පැමිණි සරත් නම් අයෙක්‌ එසේ කියනු මට මතකය.

"අත්හැරෙන දීගේ හෙවණැල්ලත් ඇදයි" කියා අපේ සිංහල කියමනක්‌ තිබේ. සරත් වැනි අයකුට මදක්‌ ඇහුම්කන් දුන්නොත් එසේ කියන්නේ ඇයිද කියා තේරුම්ගැනීම අපහසු නැත.

පසුගිය කාලයේ මට හමුවූ දික්‌කසාද වුනු බොහෝ චරිත සමග මා කතා කර ඇති අතර ඉන් වැඩිදෙනකුගේ අදහස්‌ සහ විස්‌තර සටහන් කරගෙනද ඇත්තෙමි. ඔවුන් කියූ කරුණු වලට අනුව ඒ අය දික්‌කසාද වීමට හේතු මෙසේ වෙන් කර පෙන්වා දිය හැක.

* අදහස්‌ නොගැළපීම.
* වෙනත් සබඳතා ඇතිවීම.
* නොසලකා හැරීම.
* මානසික හා ශාරීරික පීඩා කිරීම.
* ශාරීරික දුබලතා සහ ලිංගික ගැටලු.
* මානසික රෝගී තත්වයන්.
* මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්න.
* ආර්ථික ගැටලු.
* දරුවන් නැතිකම.
* දෙමාපිය, සහෝදර හෝ දරුවන්ගේ බලපෑම.
* රැවටිල්ලට අසුවී පසුව එය තේරුම් යාම නිසා.
* හදිසි කෝපය නිසා ඇතිවූ ප්‍රශ්න.

"වැඩිහිටියන් ඇඹුල් කනවිට දරුවන්ගේ දත් හිරිවැටෙන්නේය. කියා අති පැරැණි හෙබ්‍රෙව් පිරුළක්‌ තිබේ. මේ අනුව දරුවන් සිටින දෙමාපියන් යම් හෙයකින් දික්‌කසාද වුවහොත් එය බෙහෙවින්ම බලපාන්නේ තම දරුවන්ටය. මතින් මිදෙනු පිණිස අපේ මිතුරු සෙවණ වෙත දිනපතා එන තරුණ මත්ලෝලීන්ගෙන් බහුතරයක්‌ දික්‌කසාද වුනු හෝ වෙන් වුනු දෙමාපියන්ගේ දරුවන්ය.
දික්‌කසාද ( ඩිවෝස්‌ ) වීම සහ වෙන්වීම ( සෙපරේට්‌ ) යනු එකිනෙකට බොහෝ සමානකම් ඇති ක්‍රියා දෙකකි. මෙසේ දික්‌කසාද වුනු හෝ වෙන්වුනු අයගේ දරුවන් මත්ද්‍රව්‍ය වලට යොමුවීමේ ප්‍රවණතාවය අතිමහත් සේම එසේ අයගේ දූදරුවන් වෙනත් සමාජ විරෝධි විෂම කටයුතු සඳහා පෙළඹෙයි. එමෙන්ම විවිධ මානසික රෝගී තත්වයන්ට පත්ව පීඩා විඳියි.

"මට පිරිමි පේන්න බැහැ හැම පිරිමියෙක්‌ම මට පේන්නේ අපේ තාත්තා වගෙයි. එයා හැමදාම රෑට බීගෙන ඇවිත් අම්මව බිම දාගෙන ගහන හැටි මට මැවිල පේනවා. ඒ විතරක්‌ද අපිව කී පාරක්‌ උසාවි නැග්ගුවද එයාලගේ දික්‌කසාද නඩුවෙදි. අපේ අම්ම විඳින දුක දැකළම මට කසාද බඳින්න එපා වුණා. මට මැරෙනකං මෙහෙම හොඳයි."

අධික ලෙස මත්පැන් බීමට ඇබ්බැහි වූ චන්දි නම් තරුණිය එසේ කියා සිටි අතර පිරිමි සංහතියටම වෛර කරන ඇය තම තනියට ඉතා සමීපව ඇසුරු කරන්නේ ඇයට වඩා වයසින් බාල තවත් ඒ වාගේම පිරිමි අරහං යුවතියක්‌වය. එක කාමරයක්‌ කුලියට අරන් එහි නැවතී එකටම සිටින ඔවුන් දෙදෙනා සමලිංගික සේවනයේ යෙදෙන්නියන් බව ඔවුන් වැඩ කරන ක්‌ලීනිං කොම්පැණියේ සියලු දෙනාම දනිති. මා මේවා ලියන්නේ මෙවැනි අවර ගනයේ වැඩ වලට හේතු පාදකවන්නේ දෙමාපිය දික්‌කසාදය බව පෙන්වා දීමටයි.
අද අපේ රටේ දිස්‌ත්‍රික්‌ උසාවියකට ගියොත් අපට වැඩිපුරම දකින්නට ලැබෙන්නේ වන්දි නඩු, නඩත්තු නඩු හෝ දික්‌කසාද නඩුය. දික්‌කසාද වූ පසු පිරිමියා විසින් තමාගේ හිටපු බිරිඳට හා දරුවන් ඇත්නම් ඒ අයට ගෙවිය යුතු නඩත්තු මුදලට සමාජයේ කියන්නේ වංගෙඩි බද්ද කියාය. අද මෙසේ වංගෙඩි බදු ගෙවන්නෝ අද අප සමාජයේ එමටය.

මත්පැන් පානය හෝ මත්ද්‍රව්‍ය භාවිතය අද දික්‌කසාද වීමට බලපාන ප්‍රධාන සාධකයකි. මත් භාවිතය නිසා ආර්ථික ගැටලු පැන නැගේ. ශාරිරික රෝගාබාධ මෙන්ම මානසික දුර්වලතා ඇතිවෙයි. එසේම ලිංගික ජීවිතයේ අඩුපාඩු මතුවෙයි. මතින් බමන අයෙක්‌ සමග සංවාසයේ යෙදෙන්නට බහුතරයක්‌ ගැහැනු කැමැති නැත. එසේම මත්ලෝලී පුද්ගලයා පිරිසිදුකමෙන් පහත් මට්‌ටමක සිටින නිසා එයද ගැහැනියට බලපායි. බීමත් පුද්ගලයා ප්‍රචන්ඩත්වය මවා පායි. අසරණ ගැහැණියට පහර දෙයි. සිත රිදෙන කතා කියයි. අපහාස අවලාද නගයි. තම යුතුකම් වගකීම් පැහැර හරී නිවසේ ඇති දේවල් සොරකම් කරගෙන ගොස්‌ විකුනා ඒ මුදලින් මත්ද්‍රව්‍ය භාවිතා කරයි සමාජයේ කොන් වෙයි. තැනකට එක්‌කන් යන්න බැරි තත්වයක්‌ උදා වෙයි. මෙම සෑම කරුණක්‌ම ඉවසාගෙන සිටින ගැහැනුන් ඉවසීමේ රතු කට්‌ට පනින විට කරන්නේ නීතිඥ මහතකු මුණගැසී තම දුක පවසා සිට දික්‌කසාදය වෙත පා තැබීමයි. නීතිඥ මහතා හමු වීමට පෙර දෙමාපිය, සහෝදර පිහිට පතන අයත් එසේත් නැත්නම් අනියම් සැමියකුගේ හෝ රහස්‌ පෙම්වතකුගේ උපදෙස්‌ පතන කාන්තාවන්ද අපි දැක ඇත්තෙමු.

"මම මේ හැමදේම ඉවසගෙන ඉන්නෙ දරුවන් නිසයි අයියෙ. නැත්නං මං මේ තිරිසනාගෙන් වෙන් වෙලා ගොඩක්‌ කල්. මට ඕනෙ මිනිහෙක්‌ නෙමේ දරුවන්ට නමට හරි තාත්ත කෙනෙක්‌. නැත්තං උන් ලොකු උණාම අපි දෙන්නටම සාප කරයි."

ඒ මට හමුවු තවත් ගැහැනියකගේ ආඳෝනාවයි. මෙවැනි කාන්තාවෝ අද අප රටේ අනන්ත - අප්‍රමාණව වෙසෙති. සමාජයට නොපෙන්නුවාට හිතේ ගිනි පත්තුවෙමින්, මානසිකව උන් දුක්‌ වේදනා ඉවසන්නේ දරුවන් හෝ දෙමාපියන්ගේ සුබසිද්ධිය ගැන සිතාය.

මේ එයට වඩා හාත්පසින් වෙනස්‌ චරිතයකි.
"අපි දෙන්නා සුළු කාලයක්‌ ආශ්‍රය කරල විවාහ වුණා. බැඳල මාස හයක්‌ යන්න ඉස්‌සරින් අපිටම තේරුණා අපි දෙන්න ගැළපෙන්නෙ නැහැ කියල. අපේ අදහස්‌ හරි වෙනස්‌. ආකළ්ප වෙනස්‌. ලිංගික ජීවිතෙත් නියම සතුටක්‌ ලැබුවෙ නැහැ. ඒ නිසා දෙන්න කතා වෙලා බොහෝම සමාදානෙන් උසාවි ගිහින් නීත්‍යනුකූලව වෙන් වුණා. එයා ආයෙත් බැන්දා. මමත් ළඟදීම බඳිනවා. අපි අතර කිසිම තරහක්‌ නැහැ. ගිය සිංහල අවුරුද්දට අපි දෙන්න තව කට්‌ටියක්‌ එක්‌ක බස්‌ එකක යාපනේ විනෝද ගමනක්‌ ගිහිල්ලත් ආවා."

රාජිනි වැනි මෙවන් චරිත තවත් සිටිති. සමහරු දික්‌කසාද වන්නේ දරුවන් නැති නිසාය සමන් එවන් අයෙකි.

"අපි බැඳල අවුරුදු අටක්‌ හොඳට සතුටින් හිටියා. හැබැයි අපිට බබාලා හිටියෙ නැහැ. ලංකාවේ ඉන්න හැම දොස්‌තර කෙනෙක්‌ ළඟටම වගේ ගියා. වෙද හාමිනේලා දහයක්‌ විතර බලන්න ගියා. දවසක්‌ එක දෛවඥයෙක්‌ මගේ මුහුණටම කීවා මහත්තයට දරුඵල නැහැ කියල. මගේ බිරිඳට ඒකට හරිම දුකයි. හැබැයි බටහිර වෛද්‍ය වාර්තා නම් ඒ බව කියල නැහැ. කොහොම හරි මං කියල කියල අන්තිමේ දෙමාපියන්ගෙත් අවසරය මත අපි දෙන්න දික්‌කසාද වුණා. වැඩේ කියන්නෙ අපි දෙන්නම ආයෙ බැන්දා. මට අවුරුද්දෙන් බබෙක්‌ හම්බ වුණා එයාටත් දැන් බබෙක්‌ හම්බවෙන්න ඉන්නවා. අපි වැඩිය ඇසුරු නොකළට කිසි තරහක්‌ මරහක්‌ නැහැ සහෝදරයෝ වගෙයි."

මෙවැනි කතා අතිවිරලය. සමහරු විශ්වාස කරන්නේ පවා නැත. නමුත් විරල වුවද මෙහි ගත යුත්තක්‌ ඇතැයි සිතමි.

"මගේ පළවෙනි බිරිඳ හරිම උගත්. ඇය රූමත් වෛද්‍යවරියක්‌. හැබැයි අපිට දරුවන් නැහැ. ඒක එතරම් ප්‍රශ්නයක්‌ නැති වුණත් මගේ බිරිඳ හරි නපුරුයි. මට කතා කරන්නෙ බල්ලෙකුට වගේ. මට කියල පොල් ගාව ගන්න එයා හරි ආසයි. ඒ වගේම සෙරෙප්පුවෙන් ගහලා ලොකු වින්දනයක්‌ ලබනව මට ඒයාව මගේ එක පාරකට මද.s නමුත් කසාද ගෑනි කියල ඉවසන් හිටිය අවුරුදු ගානක්‌ බැරිම තැන මම එයාගෙන් වෙන් වුණා. හැබැයි දික්‌කසාද වුනේ නැහැ. මම වෙන ආගමකට ගිහින් මම වගේම මගේ ක්‌ෂේත්‍රයේම උසස්‌ රජයේ රස්‌සාවක්‌ කරන සැමියා මිය ගිය වැදගත් නෝනා කෙනෙක්‌ විවාහ කර ගත්තා. අපි දැන් සතුටින් ඉන්නවා."

ඔහු මෙන්ම අද බොහෝ අය කරන්නේ වෙනත් විවාහයක්‌ කරගැනීමට අවශ්‍ය නම් දික්‌කසාද වීම නොව ආගම මාරු කර ගැනීමයි. මුණසිංහ නම් වූ මා දන්නා එක්‌ ප්‍රසිද්ධ පුද්ගලයෙක්‌ මුනාස්‌ නමින් තම නම සහ ආගම වෙනස්‌ කර ගෙන අලුත් විවාහයක්‌ කර ගත්තා මට මතකය.

ද්වේෂසහගත ලෙස හැරයාම යන මාතෘකාව යටතේ ඉතාම පහසුවෙන් දිස්‌ත්‍රික්‌ උසාවියකදී දික්‌කසාද නඩුවක්‌ ජයගත හැකිය. නමුත් එය සාධාරණ ලෙස ඔප්පු කර පෙන්විය යුතුය. අද අප රටේ දික්‌කසාද ගේම් බොහෝය. රට යනු පිණිස සමහරු දික්‌කසාද වෙති. ඒ වෙන අයකු විවාහ කරගෙන ඔහුට ඇති විදෙස්‌ වරප්‍රසාද භුක්‌තිවිඳ ඒ මාර්ගයෙන් වීසා බලපත් ලබා ගැනීමටයි. සුද්දන් හෝ සුද්දියන් කසාද බැඳීම හෝ පිටරටක පුරවැසිභාවය ඇති අයට මේ ක්‍රමය යටතේ හොඳ ඉල්ලුමක්‌ තිබේ

තමා කර ගත් දික්‌කසාදය නිසා දුක්‌වන අයත් මට හමු වී ඇත. මේ ඉන් කීපදෙනෙක්‌ ඉදිරිපත් කළ අදහස්‌ වෙයි.

"දැන් මතක්‌ වෙනකොටත් මට දුකයි. මම බොරුවට මගේ මහත්තයව සැක කරල අපේ අම්මලගෙ උවමනාවට එයාව ඩිවෝස්‌ කළා. එයා හරිම අහිංසකයි. මාව අපේ අය රැවැට්‌ටුවා, පව් අහිංසකය. ඒ කාලෙ කොච්චර කිවුවද එයා නිර්දෝෂියි කියල. ඒත් මට ඒවා ඇහුණෙ නැහැ. ඒත් දැන් මොනව කරන්නද එයා හිතේ අමාරුවට ඔස්‌ටේ්‍රලියාවට ගියා." ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්නට බැරි බව කියන්නේ මේ නිසාය.

"මං නාලා තෙත තුවාය පිටින් නාන කාමරේ ඉඳන් එළියට ඇවිත් සාලෙ මැදින් යන කොට එයා පොළොව අතු ගාමින් හිටියේ. මට එයා කිව්වෙ කුස්‌සිය පැත්තෙන් යන්න කියලයි. මම නෑහුණ ගානට ඉස්‌සරහින්ම ගියා ගෑනිට කේන්ති ගියා. වචනයක්‌ මිස්‌ වුණා. මගේ අත ඉස්‌සර වුණා. අන්තිමේ රණ්‌ඩුව කෙළවර උනේ උසාවි ගිහින් දික්‌කසාද වෙලා. දැනුයි තේරෙන්නෙ අපි කොච්චර මෝඩද ඉක්‌මන්ද කියල." මෙවැනි සුළු සුළු කරුණු දුර දිග ගොස්‌ එකිනෙකාට අපහාස කර ගෙන අත පය උළුක්‌ කර ගෙන අන්තිමේ දික්‌කසාදයෙන් කෙළවර වුනු සිද්ධින් බොහෝය. ඒ අය අතරින් බොහෝ දෙනෙක්‌ තමා ගත් හදිසි තීරණ ගැන තාම දුක්‌ වෙති. පැරැණි ඉශායෙල් නායකයෙක්‌ වන මෝසස්‌ ගේ ව්‍යවස්‌ථාවට අනුව තමාගේ බිරිඳ යම් විනය විරෝධී වැඩක්‌ කර අසුවුව හොත් ඇයට අත්හැරීම් පත්‍රයක්‌ දී වෙන් විය හැක. නමුත් දික්‌කසාදය ගැන යේසුස්‌ වහන්සේ මෙසේ උගන්වා ඇත.

"තවද තමාගේ භාර්යාව දික්‌කසාද කරන කවරෙක්‌ නමුත් ඇයට දික්‌කසාද සහතිකයක්‌ දිය යුතු යෑයි පැරැණි ව්‍යවස්‌ථාවේ කියා ඇත. එහෙත් මම නුඹට කියමි. වේශ්‍යාකම හැර අන් කරුණක්‌ නිසා සිය භාර්යාව දික්‌කසාද කරන කවරෙක්‌ වුවද ඔහු ඇය කාමමිත්‍යාචාරයට පමුණුවන්නේය." මෙහි තේරුම වන්නේ කිතුනුවකුට දික්‌කසාද විය හැකි එකම හේතුව තමාගේ සහකරු හෝ සහකාරිය අනාචාරයේ හැසිරී අසුවුවහොත් පමණි. ඒ හැර වෙන කිසිම හේතුවක්‌ නිසා දික්‌කසාද වීම පාපයකි. එසේම අනාචාරයේ හැසිරුණු අය වරද පිළිගෙන පසුතැවිලිව හැරී ආවොත් කැමැතිනම් සමාව දී නැවත පවුලක්‌ වශයෙන් ජීවත් වීමටද අවසර ඇත

ඇතුළෙන් ගිනි ඇවිළෙද්දී ඒ බව පිටතට නොපෙන්වා බොරුවට රඟපාමින් ජීවත් වන පවුල් අද අප සමාජයේ කොතෙකුත් ඇත.

ඇත්තටම සමහර ගැහැනු හෝ පිරිමි දැන හෝ නොදැන කරන වැඩවලට දික්‌කසාද වීමට නොව තව බොහෝ දේ කිරීමට සිතෙයි. මටද මේ දැන් රේණුකාව දික්‌කසාද කරන්නට සිතුණේ ඇය මා වටේ කැරකැවෙමින් දැන් කෑම කාල ඉන්න කෑම නිවෙනව කියා කරදර කරන නිසා නොව මා මේ ලිපිය ලියමින් ඉන්න පරිගණකයට විදුලිය සපයන වයරය අත්වැරැදීමකින් ඇය අතින් විසන්ධි වුණ නිසාය. මා ටයිප් කළ පිටු දෙක ගබඩා කර නොතිබූ නිසා මට වුණේ හරිම ඇබැද්දියකි. නැවත අලුතින් ටයිප් කරන්නට සිදුවිය. හදිසි කේන්තිකාරයෙක්‌ට මෙය වුනානම් දික්‌කසාදයකින් කෙළවර වන මහ ගිනි විජ්ජුම්බරයක්‌ අද මෙතැන සිදුවන්නට තිබුණි.

බඳින්නට පෙර මේ මඟුල හරියනවාදැයි බලන ක්‍රම වේදයක්‌ යුරෝපයේ සහ ඇමෙරිකාව, කැනඩාව වැනි රටවල ක්‍රියාත්මක වෙයි. මෙයට කියන්නේ ප්‍රැක්‌ටිකළ් මැරේජස්‌ හෙවත් ප්‍රායෝගික ආවාහ කියාය. දැන අඳුන ගන්නා පෙම්වතා හෝ පෙම්වතිය කොතරම් දුරට තමාට ගැළපෙනවාදැයි වසරක්‌ දෙකක්‌ හෝ ඊට වඩා වැඩි කාලයක්‌ ඇසුරු කළ බලා හොඳනම් කසාද බැඳීමත් නරක නම් වෙන්වීමත් මෙහි සිද්ධාන්තයයි. මෙහිදී එක නිවසේ ජීවත් වීම එක යහන පරිහරණය, ලිංගික එක්‌වීම ආදී සියල්ල කළ හැකිය. ගැහැනිය කැමැති නම් දරුවන් හැදීමටද අවසර ඇත. සංඛ්‍යාලේඛන වලට අනුව මෙවන් බොහෝ ප්‍රායෝගික ආවාහ කෙළවර වන්නේ වෙන්වීමෙනි.

වසර හතරක ප්‍රායෝගික විවාහයකින් පසුව තමන් හොඳින් ගැළපෙන බව තේරුම් ගෙන එය හිත මිතුරන්ට දන්වා උත්සවශ්‍රීයෙන් නගරයේ ප්‍රධානතම දේවස්‌ථානයක තම මංගලෝත්සවය ගත් යුවළක්‌ ගැන මට ප්‍රංශයේ පැරිසියෙන් උදාහරණ පෙන්විය හැක. එහි සුවිශේෂිම කරුණ වුයේ මනාලියගේ අසලින් සිටි සිඟිති මල් කුමරිය ඔවුන්ගේම තුන් හැවිරිදි එකම දියණිය වීමයි. මේ මනාල මහතා වූයේ අන් කවුරුත් නොව මා ඉඳහිට මේ ලිපියෙන් කතා කරන මගේ අතිජාත කළ්‍යාල ගජයා මෙන් ම සමහරු අපාය සහායකයා යනුවෙන්ද හැඳින්වූ මා මිතුරු පයිලට්‌ය. ඔහු අද ඔහුගේ ප්‍රංශ පුරවැසිභාවය ඇති පිලිපීනයේ උපත ලද බිරිඳ සහ දියණිය මාරියා සමග පැරිස්‌ නගරයේ ඉතා සතුටින් ජීවත් වෙයි. මෙවැනි දේ අප සංස්‌කෘතියට අලුත්. නුහුරු වුවද යුරෝපයේ නම් නිතර දකින්නට ඇති සාමාන්‍ය දේවල්ය.

දික්‌කසාදය හොඳ නැත. ඒ නිසා නියපොත්තෙන් කඩන්නට හැකි දෙයට පොරොව තියන්නට පෙර හැරෙන්නට බලමු. උසාවියක වුවද එක්‌ වරම දික්‌කසාදය දෙන්නේ නැත. මුලින්ම ඔවුන් සමථ මණ්‌ඩලයට හෝ පවුල් උපදේශන සේවයට යොමු කරන්නේ ඒ නිසාය.


දැන් අපි ලිපියේ අවසානයට ළංවෙමින් සිටිමු. ඒ නිසා කෙටි පණිවුඩයකින් ඉවර කරමු. අපට එකිනෙකා ඉවසන්නටත් අපට වැරැදි කරන වුන්ට සමාව දෙන්නටත් හැකිනම් දික්‌කසාදය නොව ඕනෑම දෙයකට මුහුණදිය හැකි වනු ඇත.

මිත්‍ර ශ්‍රී කරුණානායක(උපුටා ගැනිම දිවයින පුවත් පත)