අපි දේශීය සංගීතය විනාශ කරන්න ආපු අය කියලා සමහර ප්‍රවීණයන් අපිට චෝදනා කළා
සංගීතය හා ජීවිතය ගැන කසුන් කල්හාර සමග පිළිසදරක්
Kasun Kalharaසංගීතයේ නවමං සොයා යන තරුණ ගායක සංගීතවේදියෙකු ලෙස කසුන් කල්හාර ජයවර්ධන පිළිගැනේ. මේ වර්තමාන සංගීත ක්‍ෂේත්‍රයේ විවිධතා සහ පුද්ගලයන් ගැන කසුන් සමග කළ කතාබහකි.
එළිමහන් සංගීත ප්‍රසංග කසුන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?
ප්‍රතිපත්තියක් හැටියට මම එළිමහන් ප්‍රසංගවල ගී ගයන්නට යන්නේ නෑ. මගේ ගීත රසවිඳින්නේ ගෘහස්ථ ප්‍රසංගවලට එන සංයමයක් ඇති රසික පිරිස බවයි මගේ විශ්වාසය.
අද ව්‍යාප්ත වී ඇත ‘රිඟින්ටෝන්’ ගීත රැල්ල ගැන ඔබේ අදහස?
ඒක මේ වෙද්දී ඩිජිටල් මීඩියා එකේ යන බිස්නස් එකක් විතරයි ඒ. ඒ බිස්නස් එක තමන්ට නතු කර ගැනීම වෙනුවෙන් විකුණන්න ගීත හදනවා මිසක් මිනිස්සු අතරට වෙනස් දෙයක් යවන්න ඕනෑයි කියල හිතල නිර්මාණ කරන්නෙ නෑ. ඒ නිසා ‘රිඟින්ටෝන්’ රැල්ල කියන්නෙ විනාශයට තවත් තල්ලුවක් විතරයි.
අද ඇහෙන ගීත ගැන?
මිනිස්සුන්ගෙ අවශ්‍යතාවයට හැදෙන ගීත නමෛයි බහුතරය සුළුවෙන් හරි අපිත් රිගින්ටෝන් සම්බන්ධ වුණා තමයි ඒත් ඒක ජරාම තැනට යාම වළක්වන්න උත්සාහ කරනවා බිස්නස් එක කරන අය හැමෝටම කියන්නෙ ජරාම දේ කරන්නයි. තමන් විශ්වාස කරන කලාව වෙනුවෙන් පෙනී හිටිනවද? කියල අපි තීරණය කළ යුතුයි. හැබැයි ටික කලකින් මේ රිගින්ටෝන් මාර්කට් එක ඇතුළෙ කෙරෙන දේවල් නවතීවි කිසි දෙයක් සදාකාලික නෑනෙ.
පරම්පරා පරතරය ඔබ ඔබ විශ්වාස කරනවාද?
විශ්වාස කරන්න සිදුවෙලා තියෙනවා. හැබැයි අපට කලින් පරම්පරා දෙකකට විතර එහා අය හා අපි අතර ලොකු පරතරයකුත් නෑ. අපේ සහ අපට පසු පරපුර අතර ඊට වැඩි පරතරයක් තියෙනවා. නරක දේශපාලනය නිසා අතුරුදන්වීම් ආදිය වෙලා ඇති වුණ අඩුවකුත් තියෙනවා. ඒ කලාවටත් බලපාන ඒ ඇරියස් එක කවර් වෙලා නෑ. ඉන්දියාවෙ කලාව ලංකාවෙ මේ වෙද්දී පවතින මට්ටමට වඩා දියුණුයි.
වැඩිහිටි පරපුරේ නිර්මාණ ඔබ ගායනා නොකරනවාද? ඔබේ පියා වන සංගීතවේදී එච්.එම්.ජයවර්ධනයන්ගේ නිර්මාණ පවා ඔබ ගයා ඇත්තේ අඩුවෙන්
සබ්ජෙක්ට් එකක් විදියට මේක අවංක වුවමනාවෙන් කරපු වැඩිහිටි අතළොස්සකගේ වැඩවලට එකතු වුණා. මුල් කාලෙදී මම තාත්තා හදපු රූප පෙට්ටියේ වීණාවි වගේ ගීත ගායනා කළා. අනන්තයට ගීතයෙන් මම වෙන පාරක ගියාට පස්සේ තාත්තා මගේ ෙශෙලියට හදපු රෝස මල් යායේ ගීතය ගායනා කළා. මගේ ෙශෙලියට තාත්තා හදලා දුන්නොත් මම ගායනා කරනවා.
ඔබේ මුල්ම ප්‍රසංගයේත් ප්‍රධාන ආරාධිතයා වූ ප්‍රේමසිරි කේමදාසයන් හැමදාම ඔබව අගය කළා. මාස්ටර් කළ වගේ ඔපෙරා සිම්පති ආදී කටයුත්තකට යොමු වෙන්න අදහසක් නැද්ද?
මාස්ටර් ගැන මගේ ගෞරවය ඉහළයි. මේ පුංචි කොදෙව්වේ ඉපදිලා ඔහු ලොකු දෙයක් කළා. ඔහු කළා වගේ වැඩක් කරන්න අදහසක් තියෙනවා. මිනිස්සුන්ව දැනුවත් කරල ඉන්න ඕනෑ. යමක් කරන්න කලින් හාහුවක් ඕනෑනෙ මේ රටේ අලුත් කොන්සට් එක ඒ වගේ උනන්දුවක් ඇති කරන දෙයක්. ඊට පස්සේ ශාස්ත්‍රීය සංගීතය යොදාගෙන අර වගේ වැඩක් කරන්න ඕනෑ ඒකට කාලයක් යනවා.
ක්ලැරන්ස් විජේවර්ධනයන් ක්ෂේත්‍රයට ආ වකවානුවේ ඔහු දේශීය සංගීතයේ විනාශකාරයෙක් හැටියට වික්ටර් රත්නායකයන් ඔහුව විවේචනය කළ බව ඔහු මට වරක් පැවසුවා. අනන්තයට යන පාර දිගේ ගීතයෙන් ඔබ වෙනස් මගක යද්දී වික්ටර් ඔබවත් දැඩි ලෙස විවේචනය කළා. ඒ ගැන මොකද හිතන්නෙ?
යම් යම් අය කාලයක් තිස්සේ කලාව කරන්නෙ මෙහෙමයි කියලා ඔළුව හදාගෙන තියෙනවනෙ. ඉතින් ඒ ඒ රටාව වෙනස් කරල තියෙනවා. ඇහුණෙත් අවලස්සනයි කියල හිතනවා. එයින් පුදුම වෙනවට වැඩිය කලබල වීමයි වෙන්නෙ. එක් එක් යුගවල උඩම හිටපු හා දැනටත් ඉන්න අය මගේ නිර්මාණ දැඩි ලෙස විවේචනය කළත් අද මම ඒ සමහරුන් එක්ක එකම වේදිකාවෙත් ඉන්නවා. දැන් මට ඒ සමහරුන් පැසසුම් පවා ලැබෙනවා. ඒ මනුස්ස ස්වභාවය.
කේමදාස මාස්ටර් වගේ අය අලුත් නිර්මාණ දිහා බැලූ විදිහ?
මාස්ටර් උනන්දුවෙන් ලෝකය ගැන අධ්‍යයනය කළා. අපේ ගොඩක් අය ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය විතරයි ඉගෙන ගත්තේ. අලුත් සංගීත සංස්කෘතීන් ගැන හොයලා තමන්ගෙ නිර්මාණවලට ඒවත් ඇසුරු කරගත්ත මාස්ටර් ෂෙල්ටන් ප්‍රේමරත්න වගේ අය අලුත් නිර්මාණ ගැන පුදුම වුණේ නෑ.
වැඩිහිටි පරපුරටත් ඔබ ගීත හැදුවා නේද?
ඔව්. අමරසිරි පීරිස්- නන්දා මාලිනී අපේ අම්මා මාලිනී බුලත්සිංහල වගේ අයට හැදුවා. අමරදේවයන්ට ගීතයක් හදන්න මේ දවස්වල ලැබිල තියෙනවා. දිලීප අබේසේකර ලියපු ඒ ගීතය අමරදේවයන් එක්ක මම ගායනා කරනවා.
ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැන ඔබේ අදහස මොකක්ද?
ඔහු ඉන්න කාලෙ ඔහු ගැන දැනගෙන හිටපු තරම අඩුයි. ගායකයෙකුට වඩා සංගීතවේදියෙක් හැටියට මම ඔහුට මාර විදිහට රෙස්පෙක්ට් කරනවා. ඒ කාලෙට සාපේක්ෂව මියුසික් ගැන ඔහුට තිබුණ ‘නවීන’ දැක්ම ඉහළයි. ඔහුගේ පරාසය අනුව ඔහු ගායනා කළා. ප්‍රශ්නයක් නෑ. සංගීතයේ ඔහු කළ වෙනසයි වැදගත්. අනික් අතට සිකුරුලියා වගේ ගීතයකුත් ඔහු හැදුවනෙ. මම හිතන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන හිටියේ නැත්නම් අපේ සංගීතයේ තව කෑල්ලක් අපට නැතිවෙනවා කියලයි.
ඔබේ මව මවුකුස දරාගෙන ප්‍රසංගයකට ගී ගයන්න ගියාම ඇයව වේදිකාවට ඉදිරිපත් නොකර අසාධාරණයක් කළ විට එච්.ආර්. ජෝතිපාලයන් නැගී සිට ඇයට සාධාරණය ඉටු කළ පුවත එකල ඔබේ මව පැවසුවා. පුවත්පත්වල පවා එය පළ වූවා. අද ගිටාරය අතට ගන්නා මිතුරු සමාගමේදී ජෝතිගේ ‘සරා සඳේ’ පායා ඇයි හිනැහෙන්නෙ වැනි ගීත ඔබ නිතර ගයනවා. ජෝති උපහාර ප්‍රසංගවලත් ඔබ ඒවා ගැයුවා. කසුන් කල්හාර අවංකවම ජෝති ගැන හිතන විදිහ මොකක්ද කියල මම ඇහුවොත්
මගේ අම්මා සම්බන්ධ ඔබ මුලින් කී සිද්ධියේදී ඔහු පෙන්නූ මනුෂ්‍යත්වය ගැන එදා ඇගේ කුස තුළ සිටි මම අද ඔහුට ස්තූතිවන්ත වෙනවා. ඒක අපූරු දෙයක්.
මං පොඩි කාලෙදි කේමදාස මාස්ටර් ජෝතිපාල කියන ගායකයා ගැන කියපු දේවල් නිතර මට ඇහුණා. මාස්ටර් මහා ලොකු දේවල් ඔහු ගැන කියමින් අගය කළාට මට ඕක තේරුනේ නෑ. සංගීත දැනුම එවකට මට නැති නිසා ඒත් පස්සේ මට හිතුණා අනේ ඇත්තටම මාස්ටර් හරියටම අඳුනාගත් මේ ගායකයාව අනිත් හුඟක් අය හරියටම අඳුනගත්තේ නෑ නේද කියල වොයිස් එකක් විදියට මාර තැනක තියෙන වොයිස් එක. ඒක පෞරුෂය පිරුණු ආදරය පිරුණු කටහඬක් පිරිමියෙක් ඔහුගේ වොයිස් එක. ඒක ආදරය කරනව කියන එක හරියටම තියෙන්නෙ ජෝතිගෙ හඩ්යි. සිනමාවේ ඇදක් කුදක් නැතුව සින්දු කිව්වෙ ඒකනෙ. හරියට ස්වර හසුරුවල තනුවට අනුව ගායනා කරපු වටිනා ගායකයෙක්. පට්ට ලයාන්විත ගායකයා එච්.ආර්.ජෝතිපාලයි. ඒත් ඒ මනුස්සයගේ වටිනාකම ඔහු මැරෙන්න කලින් රසිකයන් හැර වගකිවයුත්තන් තේරුම් නොගැනීමයි. කනගාටුදායක කාරණාව. මගේ හිතේ හැමදාම ඔහුට ඉඩක් තියෙනවා.
ඔබේ පියා (එච්.එම්.ජයවර්ධන) ගේ සංගීත නිර්මාණ ගැන?
තාත්තාගේ සංගීතය හා කලාව සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් හෝ විවේචනයක් මට නැ. තාත්ත මුල ඉඳලම සංගීතයට දායක වුණා. විදිහ කවදාවත් වෙනස් නොකර ඒ ධාරාවෙම එයා යනවා. එයා විශ්වාස කරන කලාව වෙනුවෙන් යන ඒ ගමනෙන් කාටවත් හානියක් නෑ. එයාගෙ නිර්මාණවලට වගේම ඒ ප්‍රතිපත්තියටත් ගෞරවය දිය යුතුයි කියලයි මම හිතන්නෙ.
ඔබේ මව (විශාරද මාලිනී බුලත්සිංහල) ගැන මොකද හිතන්නෙ?
මගේ අම්මා නිසා කියනවා නමෛයි එයා ලංකාවෙ හිටපු අග්‍රගණ්‍ය ගායිකාවක් හැටියටයි මම දකින්නෙ. කලාව ගැන එයාට තිබුණු හැඟීම සහ ඊට දායකත්වය දෙන්න එයාට තිබුණු ශක්තිය හරි වැදගත්. ඒ තුළ මට ඇයව පෙනෙන්නෙ වෙනත් අය සමග සසඳන්න බැරි ගායිකාවක් හැටියටයි. ඒ වගේම එයා අති දක්ෂ ගුරුවරියක්. ඒ හැමටම වඩා එයා ඉතාම හොඳ මනුස්සයෙක්. එච්චර හොඳ මනුස්සයෙක් මම කවදත් දැකල නැ. තව සෑහෙන කාලයක් එයාට ඉන්න නොලැබිම කනගාටුදායකයි.
අද ඇයගේ ගීතත් වෙනත් අය ගයනවා නේද?
කාගෙවත් ගීත කව්රුවත් ගායනා කරන්න අවශ්‍ය නෑ. තමන්ගෙ නිර්මාණ වැඩිදියුණු කිරීම හෝ අලුත් නිර්මාණ කරන එකයි කළ යුත්තෙ. උපහාර ප්‍රසංගයක හෝ වැඩසටහනක ගායනා කිරීමයි Remix කිරීමයි. සමහරු පටලවාගෙන.
අද බොහෝ ගායක ගායිකාවන් ශබ්දාගාරවල ගීත පටිගත කරගෙන ඇවිත් පසුබිමෙන් ඒවා වාදනය කර වේදිකාව මත තොල් සොලවා ප්‍රසංග පවත්වනවා ඔබ ඊට එකඟද?
ඒක පට්ට බොරුවක්නේ. ඔය ‘මයිමිං’ කරන වැඩේට මම කැමතිම නෑ. මගේ ෂෝ එකක් බලන්න එන්නේ මම සින්දු කියනවා අහන්න බලන්න මිසක් මයිමිං කරනවා බලන්න නමෛයිනෙ. සින්දු කියන්න ඕනෑ. හැඟීමෙනුයි මයිමිං කරද්දී මොන හැඟීමක්ද?(සිනාසෙමින්) පිටිපස්සෙන් ප්‍ලේ වෙන සීඩී එක නවතීද පනීවිද කියන බයනෙ ගායකයාගෙ ගායිකාවගෙ මූණෙ තියෙන්නේ
දෙවෙනි ස්වර්ණා මල්ලවආරච්චි ලෙස සමහරුන් හැඳින්වූ නදී කම්මැල්ලවීර කියන සම්මානනීය නිළිය ඔබේ බිරිඳ වූ පසුව ඇගේ රංගන ජීවිතයේ පසුබෑමක් වුණාද?
බිරිඳ වෙච්ච ගමන් නං එහෙම වුණේ නෑ. දරුවෙක් ලැබුණාම ඕනෑ කෙනෙක් විවේක ගන්නවනෙ. දැන් එයා ආපහු වැඩ පටන් අරන් කරපු රැකියාවෙනුත් අයින්වෙලා උනන්දුවෙන් ඉන්නව නිර්මාණවලට දායක වෙන්න.
පුතාට දැන් වයස කීයද? සංගීතයට උනන්දුද?
දනු කල්හාර අපේ පුතා. දැන් තුන වසරේ. සංගීතයටත් උනන්දුයි බලමු.
ඔබේ මව මියගියා. පියා බොහෝ විට ඔහුගේම ලෝකයක හිටියේ. නැගණියත් මියගියා. ඔබ වඩාත් මිතුරු ඇසුරට ළං වුණේ ඒ නිසාද?
වෙන්න පුළුවන් මිතුරු ඇසුරට මම ප්‍රියයි. මොකද මම තනිකමට කැමති නෑ. මිතුරු ඇසුර නරක විදිහට මට බලපාලා නෑ. මතෛක් කලක්. ක්ෂේත්‍රයේදී කල්ලියක් නෑ.
සංගීත කටයුතුවලට ඉහළ මිලක් අය කරන බව කියන ඔබ කරුණාරත්න දිවුල්ගනේ හා මිත්‍ර කපුගේ සහභාගි නොවූ රත්න ශ්‍රී විජේසිංහ උපහාර ප්‍රසංගයට මුදල් නොපතා සහභාගි වීම මෑතදී බොහෝ දෙනා අගය කළා නේද?
පුද්ගල වටිනාකම හා නිර්මාණාත්මක වටිනාකමටයි මම තැන දෙන්නෙ. ඒ වටිනාකම තැනක පේනවනං එතනදි මම මුදල් ගැන හිතන්නෙ නෑ.
ඔබේ පියා සමග ඇසුරු කළ අයත් ඔබේ ඇසුර ප්‍රිය කරමින් ඔබ සමග සිටිනවා. ඔබ ඇසුරෙන් ඔවුන් තරුණ වන බවයි. ඔවුන්ගේ හැඟීම. මේ ගැන කසුන්ට මොකද හිතෙන්නෙ?
(සිනාසෙමින්) ඒක ඉතාම ලස්සන කතාවක් තමයි. මටත් ඇත්තටම එහෙම දැනිල තියෙනවා. වෙන පරම්පරාවක මිනිස්සු එක්ක මම කරන ගනුදෙනුව ඇතුළෙදී මගේ ජීවිතේට ගොඩක් දේ එකතු වෙනවට මම කැමතියි. මම නොදුටු මට හමු නොවුණු මිනිසුන් ගැන පවා මම දැන ගන්නේ ඔවුන් ළඟින් ඇසුරු කළ එවැනි අයගෙනුයි.
ඒක මගේ පරම්පරාවෙ අයට ලේසියෙන් නොලැබෙන අවස්ථාවක්. මම හැමදාම අප්ඩේට් වෙන්න කැමති කෙනෙක්.
අපි ජීවිතේ විශ්වාස කරන දේවලුත් එක්ක කලින් පරම්පරාවල අය එක්ක ලස්සන සංවාදයක් කරගෙන (sharing) ඉන්න එක මටත් සතුටක්.
අවසාන වශයෙන් කියන්න කසුන් කල්හාර කළු පාටට මේ තරම් කැමති ඇයි?
(සිනාසෙමින්) විචිත්‍රව පේන්න අකමැති නිසයි. කළුවලට කැමති. හැම සුදුපාට බැටලු රංචුවකටම එක කළුපාට බැටළුවෙක් ඉන්නව කියල කියනවනෙ.
ආනන්ද පද්මසිරි
උපුටා ගැනිම ලංකාදීප

No comments:
Post a Comment