දික්‌කසාද සහ වංගෙඩි බද්ද
පිරිමියෙක් සහ ගැහැනියක් සරණ බන්ධනයට එළැඹෙද්දී විවාහ රෙජිස්‌ට්‍රාර් ඉදිරියේ මහා දිග වගන්තියක් කියවමින් විශාල පොරොන්දුවක් දෙයි.
කුඩා පිත්තල කුකුළා පහන සහ පැදුරු බාගයක් පමණ විශාල විවාහ ලේකම් පොත තැබූ සුදු රෙද්දක් එළන ලද මේසය වටේ රොක්‌වී සිටින සමීපතමයන් සහ සාක්‌ෂියට අත්සන් කරන දෙන්නාටද ඇසෙන අයුරින් රෙජිස්‌ට්‍රාර්වරයා කියන දෙයම ගිරවෙක් මෙන් කියන මනාල ජෝඩු මෙන්ම තමන්ටවන් නෑසෙන අයුරින් තොල් පට පමණක් සොළවමින් මෙම වගන්තිය කියවන මනාල ජෝඩුද මම අනන්තවත් දැක ඇත්තෙමි.
පල්ලියේ විවාහ වන කතෝලික ජෝඩුද තම දේවස්‌ථානය භාර පියතුමා හෝ දේවගැතිවරයා ඉදිරියේ ශුද්ධ බයිබලය මත අත් තබා ප්‍රකාශ කරන්නේ මේ පොරොන්දුවමය සාමාන්‍යයෙන් කිතුනුවන් විවාහ වන්නට පෙර මාස තුනක් පමණ කාලයක් තිස්‌සේ විවාහ ගිවිසගත් යුවල වෙත පාදිලිතුමා විසින් පාඩම් මාලාවක් උගන්වන අතර එහි අන්තර්ගතය වන්නේ සාර්ථක යුග දිවියක් පවත්වාගන්නේ කෙසේද යන්නයි.
අප විවාහ වී දැන් මද කළක් ගතවී ඇති නිසා මෙම පොරොන්දු වගන්තිය වචනයෙන් වචනයට මට මතක නැති වුවත් එහි හරය වන්නේ කිසි දිනක තම සහකරු හෝ සහකාරිය හැර නොයන බවට දිවි හිමියෙන් පොරොන්දු වන බවයි.
මෙසේ පොරොන්දු වී පොතේ අත්සන් කළ සැනින් සමහරු විවිධ දේ කරති. මුදු මාරු කරති. තවත් අය කේක් කපති. තව සමහරු ගී ගයා නටති. පුද පූජා පවත්වති. මධු විත තොල ගාති. රසමසවුලු බුදති. හිනාවෙති. ප්‍රීතිවෙති. එමෙන්ම රණ්‌ඩු සරුවල් වෙන ගහ මරා ගන්නා අයද සිටිති. එවැනි දේ ගැන පත්තර පිටුවක් නොව පොත් ගණන් හෝ ලිවිය හැකි වුවද අද අපේ මාතෘකාව විවාහ වීම නොව ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් වන දික්‌කසාදය ගැන නිසා පොරොන්දු වගන්ති ගැන ලිවීම නවතා අදාල මාතෘකාවට බසිමි.
රන් රස සේ එකට වෙළී දිවෙන් දිවගාගෙන සිටින ජෝඩු හිටිහැටියේ වෙන් වී යයි. සමහරුන්ගේ දික්‌කසාදය සිදුවන්නේ ක්‍රම ක්‍රමයෙනි, සෙමෙනි. කොහොම කෙසේ සිදු වුණද දික්‌කසාදය යනු දුක ඇතිකරවන අනුමත කළ නොහැකි අවර ගණයේ කරුණක් බව කිව හැකිය.
"අපේ ගෑනිට මාව රුස්‌සන්නේ නැහැ. මම ඇන්දත් වැරදියි, කෑවත් වැරදියි, ටෙලිවිෂන් එක බැලුවත් වැරදියි, එයාගේ දුක - සැප ඇහුවත් වැරදියි, අනේ මන්දන්නෙ නැහැ මහත්තයෝ මට දැන් මේ ජීවිතේ එපා වෙලයි තියෙන්නේ." වරක් මා හමුවට පැමිණි සරත් නම් අයෙක් එසේ කියනු මට මතකය.
"අත්හැරෙන දීගේ හෙවණැල්ලත් ඇදයි" කියා අපේ සිංහල කියමනක් තිබේ. සරත් වැනි අයකුට මදක් ඇහුම්කන් දුන්නොත් එසේ කියන්නේ ඇයිද කියා තේරුම්ගැනීම අපහසු නැත.
පසුගිය කාලයේ මට හමුවූ දික්‌කසාද වුනු බොහෝ චරිත සමග මා කතා කර ඇති අතර ඉන් වැඩිදෙනකුගේ අදහස් සහ විස්‌තර සටහන් කරගෙනද ඇත්තෙමි. ඔවුන් කියූ කරුණු වලට අනුව ඒ අය දික්‌කසාද වීමට හේතු මෙසේ වෙන් කර පෙන්වා දිය හැක.
* අදහස් නොගැළපීම.
* වෙනත් සබඳතා ඇතිවීම.
* නොසලකා හැරීම.
* මානසික හා ශාරීරික පීඩා කිරීම.
* ශාරීරික දුබලතා සහ ලිංගික ගැටලු.
* මානසික රෝගී තත්වයන්.
* මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්න.
* ආර්ථික ගැටලු.
* දරුවන් නැතිකම.
* දෙමාපිය, සහෝදර හෝ දරුවන්ගේ බලපෑම.
* රැවටිල්ලට අසුවී පසුව එය තේරුම් යාම නිසා.
* හදිසි කෝපය නිසා ඇතිවූ ප්‍රශ්න.
"වැඩිහිටියන් ඇඹුල් කනවිට දරුවන්ගේ දත් හිරිවැටෙන්නේය. කියා අති පැරැණි හෙබ්‍රෙව් පිරුළක් තිබේ. මේ අනුව දරුවන් සිටින දෙමාපියන් යම් හෙයකින් දික්‌කසාද වුවහොත් එය බෙහෙවින්ම බලපාන්නේ තම දරුවන්ටය. මතින් මිදෙනු පිණිස අපේ මිතුරු සෙවණ වෙත දිනපතා එන තරුණ මත්ලෝලීන්ගෙන් බහුතරයක් දික්‌කසාද වුනු හෝ වෙන් වුනු දෙමාපියන්ගේ දරුවන්ය.
දික්‌කසාද ( ඩිවෝස් ) වීම සහ වෙන්වීම ( සෙපරේට් ) යනු එකිනෙකට බොහෝ සමානකම් ඇති ක්‍රියා දෙකකි. මෙසේ දික්‌කසාද වුනු හෝ වෙන්වුනු අයගේ දරුවන් මත්ද්‍රව්‍ය වලට යොමුවීමේ ප්‍රවණතාවය අතිමහත් සේම එසේ අයගේ දූදරුවන් වෙනත් සමාජ විරෝධි විෂම කටයුතු සඳහා පෙළඹෙයි. එමෙන්ම විවිධ මානසික රෝගී තත්වයන්ට පත්ව පීඩා විඳියි.
"මට පිරිමි පේන්න බැහැ හැම පිරිමියෙක්‌ම මට පේන්නේ අපේ තාත්තා වගෙයි. එයා හැමදාම රෑට බීගෙන ඇවිත් අම්මව බිම දාගෙන ගහන හැටි මට මැවිල පේනවා. ඒ විතරක්‌ද අපිව කී පාරක් උසාවි නැග්ගුවද එයාලගේ දික්‌කසාද නඩුවෙදි. අපේ අම්ම විඳින දුක දැකළම මට කසාද බඳින්න එපා වුණා. මට මැරෙනකං මෙහෙම හොඳයි."
අධික ලෙස මත්පැන් බීමට ඇබ්බැහි වූ චන්දි නම් තරුණිය එසේ කියා සිටි අතර පිරිමි සංහතියටම වෛර කරන ඇය තම තනියට ඉතා සමීපව ඇසුරු කරන්නේ ඇයට වඩා වයසින් බාල තවත් ඒ වාගේම පිරිමි අරහං යුවතියක්‌වය. එක කාමරයක් කුලියට අරන් එහි නැවතී එකටම සිටින ඔවුන් දෙදෙනා සමලිංගික සේවනයේ යෙදෙන්නියන් බව ඔවුන් වැඩ කරන ක්‌ලීනිං කොම්පැණියේ සියලු දෙනාම දනිති. මා මේවා ලියන්නේ මෙවැනි අවර ගනයේ වැඩ වලට හේතු පාදකවන්නේ දෙමාපිය දික්‌කසාදය බව පෙන්වා දීමටයි.
අද අපේ රටේ දිස්‌ත්‍රික් උසාවියකට ගියොත් අපට වැඩිපුරම දකින්නට ලැබෙන්නේ වන්දි නඩු, නඩත්තු නඩු හෝ දික්‌කසාද නඩුය. දික්‌කසාද වූ පසු පිරිමියා විසින් තමාගේ හිටපු බිරිඳට හා දරුවන් ඇත්නම් ඒ අයට ගෙවිය යුතු නඩත්තු මුදලට සමාජයේ කියන්නේ වංගෙඩි බද්ද කියාය. අද මෙසේ වංගෙඩි බදු ගෙවන්නෝ අද අප සමාජයේ එමටය.
මත්පැන් පානය හෝ මත්ද්‍රව්‍ය භාවිතය අද දික්‌කසාද වීමට බලපාන ප්‍රධාන සාධකයකි. මත් භාවිතය නිසා ආර්ථික ගැටලු පැන නැගේ. ශාරිරික රෝගාබාධ මෙන්ම මානසික දුර්වලතා ඇතිවෙයි. එසේම ලිංගික ජීවිතයේ අඩුපාඩු මතුවෙයි. මතින් බමන අයෙක් සමග සංවාසයේ යෙදෙන්නට බහුතරයක් ගැහැනු කැමැති නැත. එසේම මත්ලෝලී පුද්ගලයා පිරිසිදුකමෙන් පහත් මට්‌ටමක සිටින නිසා එයද ගැහැනියට බලපායි. බීමත් පුද්ගලයා ප්‍රචන්ඩත්වය මවා පායි. අසරණ ගැහැණියට පහර දෙයි. සිත රිදෙන කතා කියයි. අපහාස අවලාද නගයි. තම යුතුකම් වගකීම් පැහැර හරී නිවසේ ඇති දේවල් සොරකම් කරගෙන ගොස් විකුනා ඒ මුදලින් මත්ද්‍රව්‍ය භාවිතා කරයි සමාජයේ කොන් වෙයි. තැනකට එක්‌කන් යන්න බැරි තත්වයක් උදා වෙයි. මෙම සෑම කරුණක්‌ම ඉවසාගෙන සිටින ගැහැනුන් ඉවසීමේ රතු කට්‌ට පනින විට කරන්නේ නීතිඥ මහතකු මුණගැසී තම දුක පවසා සිට දික්‌කසාදය වෙත පා තැබීමයි. නීතිඥ මහතා හමු වීමට පෙර දෙමාපිය, සහෝදර පිහිට පතන අයත් එසේත් නැත්නම් අනියම් සැමියකුගේ හෝ රහස් පෙම්වතකුගේ උපදෙස් පතන කාන්තාවන්ද අපි දැක ඇත්තෙමු.
"මම මේ හැමදේම ඉවසගෙන ඉන්නෙ දරුවන් නිසයි අයියෙ. නැත්නං මං මේ තිරිසනාගෙන් වෙන් වෙලා ගොඩක් කල්. මට ඕනෙ මිනිහෙක් නෙමේ දරුවන්ට නමට හරි තාත්ත කෙනෙක්. නැත්තං උන් ලොකු උණාම අපි දෙන්නටම සාප කරයි."
ඒ මට හමුවු තවත් ගැහැනියකගේ ආඳෝනාවයි. මෙවැනි කාන්තාවෝ අද අප රටේ අනන්ත - අප්‍රමාණව වෙසෙති. සමාජයට නොපෙන්නුවාට හිතේ ගිනි පත්තුවෙමින්, මානසිකව උන් දුක් වේදනා ඉවසන්නේ දරුවන් හෝ දෙමාපියන්ගේ සුබසිද්ධිය ගැන සිතාය.
මේ එයට වඩා හාත්පසින් වෙනස් චරිතයකි.
"අපි දෙන්නා සුළු කාලයක් ආශ්‍රය කරල විවාහ වුණා. බැඳල මාස හයක් යන්න ඉස්‌සරින් අපිටම තේරුණා අපි දෙන්න ගැළපෙන්නෙ නැහැ කියල. අපේ අදහස් හරි වෙනස්. ආකළ්ප වෙනස්. ලිංගික ජීවිතෙත් නියම සතුටක් ලැබුවෙ නැහැ. ඒ නිසා දෙන්න කතා වෙලා බොහෝම සමාදානෙන් උසාවි ගිහින් නීත්‍යනුකූලව වෙන් වුණා. එයා ආයෙත් බැන්දා. මමත් ළඟදීම බඳිනවා. අපි අතර කිසිම තරහක් නැහැ. ගිය සිංහල අවුරුද්දට අපි දෙන්න තව කට්‌ටියක් එක්‌ක බස් එකක යාපනේ විනෝද ගමනක් ගිහිල්ලත් ආවා."
රාජිනි වැනි මෙවන් චරිත තවත් සිටිති. සමහරු දික්‌කසාද වන්නේ දරුවන් නැති නිසාය සමන් එවන් අයෙකි.
"අපි බැඳල අවුරුදු අටක් හොඳට සතුටින් හිටියා. හැබැයි අපිට බබාලා හිටියෙ නැහැ. ලංකාවේ ඉන්න හැම දොස්‌තර කෙනෙක් ළඟටම වගේ ගියා. වෙද හාමිනේලා දහයක් විතර බලන්න ගියා. දවසක් එක දෛවඥයෙක් මගේ මුහුණටම කීවා මහත්තයට දරුඵල නැහැ කියල. මගේ බිරිඳට ඒකට හරිම දුකයි. හැබැයි බටහිර වෛද්‍ය වාර්තා නම් ඒ බව කියල නැහැ. කොහොම හරි මං කියල කියල අන්තිමේ දෙමාපියන්ගෙත් අවසරය මත අපි දෙන්න දික්‌කසාද වුණා. වැඩේ කියන්නෙ අපි දෙන්නම ආයෙ බැන්දා. මට අවුරුද්දෙන් බබෙක් හම්බ වුණා එයාටත් දැන් බබෙක් හම්බවෙන්න ඉන්නවා. අපි වැඩිය ඇසුරු නොකළට කිසි තරහක් මරහක් නැහැ සහෝදරයෝ වගෙයි."
මෙවැනි කතා අතිවිරලය. සමහරු විශ්වාස කරන්නේ පවා නැත. නමුත් විරල වුවද මෙහි ගත යුත්තක් ඇතැයි සිතමි.
"මගේ පළවෙනි බිරිඳ හරිම උගත්. ඇය රූමත් වෛද්‍යවරියක්. හැබැයි අපිට දරුවන් නැහැ. ඒක එතරම් ප්‍රශ්නයක් නැති වුණත් මගේ බිරිඳ හරි නපුරුයි. මට කතා කරන්නෙ බල්ලෙකුට වගේ. මට කියල පොල් ගාව ගන්න එයා හරි ආසයි. ඒ වගේම සෙරෙප්පුවෙන් ගහලා ලොකු වින්දනයක් ලබනව මට ඒයාව මගේ එක පාරකට මද.s නමුත් කසාද ගෑනි කියල ඉවසන් හිටිය අවුරුදු ගානක් බැරිම තැන මම එයාගෙන් වෙන් වුණා. හැබැයි දික්‌කසාද වුනේ නැහැ. මම වෙන ආගමකට ගිහින් මම වගේම මගේ ක්‌ෂේත්‍රයේම උසස් රජයේ රස්‌සාවක් කරන සැමියා මිය ගිය වැදගත් නෝනා කෙනෙක් විවාහ කර ගත්තා. අපි දැන් සතුටින් ඉන්නවා."
ඔහු මෙන්ම අද බොහෝ අය කරන්නේ වෙනත් විවාහයක් කරගැනීමට අවශ්‍ය නම් දික්‌කසාද වීම නොව ආගම මාරු කර ගැනීමයි. මුණසිංහ නම් වූ මා දන්නා එක් ප්‍රසිද්ධ පුද්ගලයෙක් මුනාස් නමින් තම නම සහ ආගම වෙනස් කර ගෙන අලුත් විවාහයක් කර ගත්තා මට මතකය.
ද්වේෂසහගත ලෙස හැරයාම යන මාතෘකාව යටතේ ඉතාම පහසුවෙන් දිස්‌ත්‍රික් උසාවියකදී දික්‌කසාද නඩුවක් ජයගත හැකිය. නමුත් එය සාධාරණ ලෙස ඔප්පු කර පෙන්විය යුතුය. අද අප රටේ දික්‌කසාද ගේම් බොහෝය. රට යනු පිණිස සමහරු දික්‌කසාද වෙති. ඒ වෙන අයකු විවාහ කරගෙන ඔහුට ඇති විදෙස් වරප්‍රසාද භුක්‌තිවිඳ ඒ මාර්ගයෙන් වීසා බලපත් ලබා ගැනීමටයි. සුද්දන් හෝ සුද්දියන් කසාද බැඳීම හෝ පිටරටක පුරවැසිභාවය ඇති අයට මේ ක්‍රමය යටතේ හොඳ ඉල්ලුමක් තිබේ
තමා කර ගත් දික්‌කසාදය නිසා දුක්‌වන අයත් මට හමු වී ඇත. මේ ඉන් කීපදෙනෙක් ඉදිරිපත් කළ අදහස් වෙයි.
"දැන් මතක් වෙනකොටත් මට දුකයි. මම බොරුවට මගේ මහත්තයව සැක කරල අපේ අම්මලගෙ උවමනාවට එයාව ඩිවෝස් කළා. එයා හරිම අහිංසකයි. මාව අපේ අය රැවැට්‌ටුවා, පව් අහිංසකය. ඒ කාලෙ කොච්චර කිවුවද එයා නිර්දෝෂියි කියල. ඒත් මට ඒවා ඇහුණෙ නැහැ. ඒත් දැන් මොනව කරන්නද එයා හිතේ අමාරුවට ඔස්‌ටේ්‍රලියාවට ගියා." ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්නට බැරි බව කියන්නේ මේ නිසාය.
"මං නාලා තෙත තුවාය පිටින් නාන කාමරේ ඉඳන් එළියට ඇවිත් සාලෙ මැදින් යන කොට එයා පොළොව අතු ගාමින් හිටියේ. මට එයා කිව්වෙ කුස්‌සිය පැත්තෙන් යන්න කියලයි. මම නෑහුණ ගානට ඉස්‌සරහින්ම ගියා ගෑනිට කේන්ති ගියා. වචනයක් මිස් වුණා. මගේ අත ඉස්‌සර වුණා. අන්තිමේ රණ්‌ඩුව කෙළවර උනේ උසාවි ගිහින් දික්‌කසාද වෙලා. දැනුයි තේරෙන්නෙ අපි කොච්චර මෝඩද ඉක්‌මන්ද කියල." මෙවැනි සුළු සුළු කරුණු දුර දිග ගොස් එකිනෙකාට අපහාස කර ගෙන අත පය උළුක් කර ගෙන අන්තිමේ දික්‌කසාදයෙන් කෙළවර වුනු සිද්ධින් බොහෝය. ඒ අය අතරින් බොහෝ දෙනෙක් තමා ගත් හදිසි තීරණ ගැන තාම දුක් වෙති. පැරැණි ඉශායෙල් නායකයෙක් වන මෝසස් ගේ ව්‍යවස්‌ථාවට අනුව තමාගේ බිරිඳ යම් විනය විරෝධී වැඩක් කර අසුවුව හොත් ඇයට අත්හැරීම් පත්‍රයක් දී වෙන් විය හැක. නමුත් දික්‌කසාදය ගැන යේසුස් වහන්සේ මෙසේ උගන්වා ඇත.
"තවද තමාගේ භාර්යාව දික්‌කසාද කරන කවරෙක් නමුත් ඇයට දික්‌කසාද සහතිකයක් දිය යුතු යෑයි පැරැණි ව්‍යවස්‌ථාවේ කියා ඇත. එහෙත් මම නුඹට කියමි. වේශ්‍යාකම හැර අන් කරුණක් නිසා සිය භාර්යාව දික්‌කසාද කරන කවරෙක් වුවද ඔහු ඇය කාමමිත්‍යාචාරයට පමුණුවන්නේය." මෙහි තේරුම වන්නේ කිතුනුවකුට දික්‌කසාද විය හැකි එකම හේතුව තමාගේ සහකරු හෝ සහකාරිය අනාචාරයේ හැසිරී අසුවුවහොත් පමණි. ඒ හැර වෙන කිසිම හේතුවක් නිසා දික්‌කසාද වීම පාපයකි. එසේම අනාචාරයේ හැසිරුණු අය වරද පිළිගෙන පසුතැවිලිව හැරී ආවොත් කැමැතිනම් සමාව දී නැවත පවුලක් වශයෙන් ජීවත් වීමටද අවසර ඇත
ඇතුළෙන් ගිනි ඇවිළෙද්දී ඒ බව පිටතට නොපෙන්වා බොරුවට රඟපාමින් ජීවත් වන පවුල් අද අප සමාජයේ කොතෙකුත් ඇත.
ඇත්තටම සමහර ගැහැනු හෝ පිරිමි දැන හෝ නොදැන කරන වැඩවලට දික්‌කසාද වීමට නොව තව බොහෝ දේ කිරීමට සිතෙයි. මටද මේ දැන් රේණුකාව දික්‌කසාද කරන්නට සිතුණේ ඇය මා වටේ කැරකැවෙමින් දැන් කෑම කාල ඉන්න කෑම නිවෙනව කියා කරදර කරන නිසා නොව මා මේ ලිපිය ලියමින් ඉන්න පරිගණකයට විදුලිය සපයන වයරය අත්වැරැදීමකින් ඇය අතින් විසන්ධි වුණ නිසාය. මා ටයිප් කළ පිටු දෙක ගබඩා කර නොතිබූ නිසා මට වුණේ හරිම ඇබැද්දියකි. නැවත අලුතින් ටයිප් කරන්නට සිදුවිය. හදිසි කේන්තිකාරයෙක්‌ට මෙය වුනානම් දික්‌කසාදයකින් කෙළවර වන මහ ගිනි විජ්ජුම්බරයක් අද මෙතැන සිදුවන්නට තිබුණි.
බඳින්නට පෙර මේ මඟුල හරියනවාදැයි බලන ක්‍රම වේදයක් යුරෝපයේ සහ ඇමෙරිකාව, කැනඩාව වැනි රටවල ක්‍රියාත්මක වෙයි. මෙයට කියන්නේ ප්‍රැක්‌ටිකළ් මැරේජස් හෙවත් ප්‍රායෝගික ආවාහ කියාය. දැන අඳුන ගන්නා පෙම්වතා හෝ පෙම්වතිය කොතරම් දුරට තමාට ගැළපෙනවාදැයි වසරක් දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් ඇසුරු කළ බලා හොඳනම් කසාද බැඳීමත් නරක නම් වෙන්වීමත් මෙහි සිද්ධාන්තයයි. මෙහිදී එක නිවසේ ජීවත් වීම එක යහන පරිහරණය, ලිංගික එක්‌වීම ආදී සියල්ල කළ හැකිය. ගැහැනිය කැමැති නම් දරුවන් හැදීමටද අවසර ඇත. සංඛ්‍යාලේඛන වලට අනුව මෙවන් බොහෝ ප්‍රායෝගික ආවාහ කෙළවර වන්නේ වෙන්වීමෙනි.
වසර හතරක ප්‍රායෝගික විවාහයකින් පසුව තමන් හොඳින් ගැළපෙන බව තේරුම් ගෙන එය හිත මිතුරන්ට දන්වා උත්සවශ්‍රීයෙන් නගරයේ ප්‍රධානතම දේවස්‌ථානයක තම මංගලෝත්සවය ගත් යුවළක් ගැන මට ප්‍රංශයේ පැරිසියෙන් උදාහරණ පෙන්විය හැක. එහි සුවිශේෂිම කරුණ වුයේ මනාලියගේ අසලින් සිටි සිඟිති මල් කුමරිය ඔවුන්ගේම තුන් හැවිරිදි එකම දියණිය වීමයි. මේ මනාල මහතා වූයේ අන් කවුරුත් නොව මා ඉඳහිට මේ ලිපියෙන් කතා කරන මගේ අතිජාත කළ්‍යාල ගජයා මෙන් ම සමහරු අපාය සහායකයා යනුවෙන්ද හැඳින්වූ මා මිතුරු පයිලට්‌ය. ඔහු අද ඔහුගේ ප්‍රංශ පුරවැසිභාවය ඇති පිලිපීනයේ උපත ලද බිරිඳ සහ දියණිය මාරියා සමග පැරිස් නගරයේ ඉතා සතුටින් ජීවත් වෙයි. මෙවැනි දේ අප සංස්‌කෘතියට අලුත්. නුහුරු වුවද යුරෝපයේ නම් නිතර දකින්නට ඇති සාමාන්‍ය දේවල්ය.
දික්‌කසාදය හොඳ නැත. ඒ නිසා නියපොත්තෙන් කඩන්නට හැකි දෙයට පොරොව තියන්නට පෙර හැරෙන්නට බලමු. උසාවියක වුවද එක් වරම දික්‌කසාදය දෙන්නේ නැත. මුලින්ම ඔවුන් සමථ මණ්‌ඩලයට හෝ පවුල් උපදේශන සේවයට යොමු කරන්නේ ඒ නිසාය.
දැන් අපි ලිපියේ අවසානයට ළංවෙමින් සිටිමු. ඒ නිසා කෙටි පණිවුඩයකින් ඉවර කරමු. අපට එකිනෙකා ඉවසන්නටත් අපට වැරැදි කරන වුන්ට සමාව දෙන්නටත් හැකිනම් දික්‌කසාදය නොව ඕනෑම දෙයකට මුහුණදිය හැකි වනු ඇත.
මිත්‍ර ශ්‍රී කරුණානායක(උපුටා ගැනිම දිවයින පුවත් පත)

No comments:
Post a Comment